ගිනිගෙන විනාශ වූ ගාල්ලේ රොබෝ තාක්‍ෂණික ඒකකය දින 11 ක් තුළ නවීකරණයට

330

විදුලි කාන්දුවකින් පසුගිය 3 දා ගිනිගෙන විනාශ වූ ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ මෙගාට්‍රොනික් (රොබෝ තාක්ෂණය) ඒකකය නවීකරණයට, ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව රුපියල් හැට දෙලක්ෂ පනස් දහසක් ඇස්තමේන්තු කර තිබියදී දින 11 ක් තුළ රුපියල් ලක්ෂ 3 ක වියදමින් අධ්‍යක්‍ෂතුමාගේ උපදෙස් මත ආදි සිසුන් හා ගුරු කාර්ය මණ්ඩලය එක්ව නවීකරණය සිදුකළ බව ගාල්ල උසස් තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්‍ෂ සුජීව සොන්නාදර මහතා පවසයි.

සුනාමි ව්‍යසනයෙන් මුළුමනින්ම විනාශ වූ ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ රොබෝ තාක්ෂණ ඒකකය ජර්මන් ව්‍යවසායක ව්‍යාපෘතිය (ඨඔ’) යටතේ 2006 වසරේ දී නිර්මාණය වූ අතර 2008 එහි පළමු කණ්ඩායම ආරම්භ කර ඇත. ලංකාවේ තාක්ෂණ විද්‍යාල 3 ක රොබෝ තාක්ෂණ ඒකකය මගින් සිසුන්ට නොමිලේ දැනුම ලබාදෙන අතර ජර්මන් තාක්ෂණය හිමි එකම ඒකකය ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ රොබෝ තාක්ෂණ ඒකකය වේ.

ගිනිගෙන විනාශ වූ ගාල්ලේ රොබෝ තාක්‍ෂණික ඒකකය දින 11 ක් තුළ නවීකරණයට

මින් ඉගෙන ගත් සිසුන් ලංකාවේ හා විදේශ රටවල රොබෝ තාක්ෂණයේ විවිධ රැකියාවල නිරත වෙති. ඔවුන් අධ්‍යාපනය ලැබූ මෙම ඒකකය පසුගියදා හදිසියේ ගිනිගැනීමත් සමග වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී දින 11 ක් තුළ රුපියල් ලක්ෂ 3 ක් පමණ වැය කරමින් අධ්‍යාපනයේ නිරත වීමට සුදුසු අයුරින් ගොඩනැඟිල්ල නිර්මාණය කළ බවත්, සිසුන්ගේ මැදිහත් වීම නිසා රජයට රු. ලක්ෂ 60ක පමණ මුදලක් ඉතිරි කරදීමට හැකි වූ බව ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්‍ෂ සුජීව සොන්නාදර මහතා වැඩිදුරටත් අප සමග පැවසීය.

මීටියාගොඩ – එල්. පී. ඩී. බන්දුරත්න

advertistmentadvertistment
advertistmentadvertistment