ගිනිපෙට්ටියක් රු. 40යි – පුපුරන ද්‍රව්‍ය මිල ඉහළ යෑමෙන්

352

පුපුරන ද්‍රව්‍ය මිල ඉහළ යෑමෙන් ගිනි පෙට්ටියක සිල්ලර මිල රු. 40 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයද කඩාවැටීමේ අවදානමක් හටගෙන තිබෙන බව කර්මාන්තකරුවෝ පැවැසීය.

එමගින් ජීවත් වූ (රැකියා කළ) පනස්දහසකට වැඩි පිරිසකගේ රැකියා අහිමිවී යෑමේ අවදානමක්ද හටගෙන තිබේ. රු. 08 ට සිල්ලර වෙළෙඳපළේ අලෙවි කළ ගිනි පෙට්ටියක් රු. 40 ක් දක්වා ඉහළ දැමීමෙන් ආර්ථිකයෙන් හෙම්බත්වූ ජනතාව තවත් අසරණ තත්ත්වයට පත්වනු ඇත. ගිනි පෙට්ටි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය ආනයනය සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්, පවතින ඩොලර් හිඟයෙන් පුපුරන ද්‍රව්‍ය ආනයනය සීමාවී තිබෙන බව කර්මාන්තකරුවෝ පවසති. පවතින පුපුරන ද්‍රව්‍ය හිඟයෙන් ඉදිරි සති කීපය තුළදී ගිනිපෙට්ටි නිෂ්පාදනය මුළුමණින්ම නවතින බව පැවැසූ කර්මාන්තකරුවෝ එමගින් ජීවත්වූ පවුල් පනස් දහසකගේ පමණ ආර්ථිකයද මුළුමණින්ම කඩා වැනෙ බව පැවැසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment