ගිනි අවියක් රැගෙන කඩාවැදුණු දෙදෙනා රත්මලානේ දෙදරු පියකුට වෙඩි තබලා

348

රත්මලාන සිල්වා මාවතේ නිවසකට පෙරේදා (27 දා) රාත්‍රියේ ටී. 56 ගිනි අවියක් රැගෙන කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙක් නිවෙස් හිමියාට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ චරිත් උමයන්ග සිල්වා නමැති තිස් හැවිරිදි දෙදරු පියෙකි. එම පුද්ගලයා ත්‍රිරෝද රථයකින් ඌබර් සේවාවේ යෙදෙන අයෙක් බවත් පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා රැකියාව නිමවා නිවසට පැමිණ සුළු මොහොතකදී දොරට තට්ටු කළ කිසියම් පුද්ගලයන් දෙදෙනකු එම පුද්ගලයා දොර විවෘත කිරීමත් සමඟම වෙඩි ප්‍රහාරය එල්ලකර පලාගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය. වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ පපුවට සහ පාදවලට වැදී ඇතැයි ද හිස් උණ්ඩ හතරක් නිවස තුළ වැටී තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත බරපතළ තුවාල ලද එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙම වෙඩි තැබීම පුද්ගලික ආරවුලක් මත කිසියම් කණ්ඩායමක් විසින් සිදුකර ඇතැයි පොලිසිය සැක කරයි. ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment