ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් අල්ලති

357

මෙරට නිෂ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනි අවි දෙකක් සහ උණ්ඩ 02ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බැව් නෙළුව පොලිසිය පවසයි.

කාන්තාවක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භකොට ඇති අතර එම විමර්ශනයේ දී පොලිසියට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් එම සිද්ධියට සම්බන්ධ නොමැති බව පොලිසිය කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත. තවලම, හබරකඩ ඇලඉහළ ප‍්‍රදේශයේ දී මෙකී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මොහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් සහ ඒ සඳහා යොදනු ලබන උණ්ඩයක් සොයාගෙන ඇත. මොහු ඩුබායි රටේ රැුකියාවක් කොට මෙරටට පැමිණ ඇති අයෙකු බව පොලිසිය පවසයි. අනික් සැකකරු කරන්දෙණිය දංගහවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු ඖෂධ අලෙවි නියෝජිතයකු ලෙස රැුකියාවේ නිරත අයෙකු බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඔහු සන්තකයේ මෙරට නිෂ්පාදිත අනික් ගිනි අවිය සහ ඒ සඳහා යොදනු ලබන උණ්ඩද තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment