ගිනි අවි 20 ක් සහ කුඩු කිලෝ දහසක් මෙරටට ගෙන්නලා…. මුහුදේ සිට කුඩු ගේම් ගැසූ පපී අල්ලයි

253

ඉරානයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිට පසුගිය වසර කිහිපය තුළදී මුහුදු මාර්ගයෙන් ශ‍්‍රී ලංකාවට හෙරොයින් කිලෝ දහසකට අධික ප‍්‍රමාණයක් සහ ස්වයංක‍්‍රීය ගිනි අවි විස්සකට අධික ප‍්‍රමාණයක් රැුගෙන ඒමේ ජාවාරමකට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරම්කරුවකු වන පපී හෙවත් වැලිගන් හේතුගේ චමිත් ලක්මාල් නමැත්තා තංගල්ල ප‍්‍රදේශයේදී කොටුකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්් ඊයේ (14දා) සමත් වූහ.

රාජ්‍ය බුද්ධි අංශය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ අවේක්‍ෂණ රාජකාරීවලදී අනාවරණය කරගත් බුද්ධි තොරතුරු අනුව සිදුකළ වැටලීමකදී තංගල්ල ප‍්‍රදේශයේදී එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කොටුකර ගැනීමට හැකිවී තිබේ.

පොලිස් අත්අඩංගුවෙන් බේරීම සඳහා වසර ගණනාවක් තිස්සේ බහුදින යාත‍්‍රාවෙන් යාත‍්‍රාවට මාරු වෙමින් එකී ජාවාරම මෙහෙයවා ඇති දික්වැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන එම ජාවාරම්කරු ධීවර බෝට්ටුවකින් විත් සැතපුම් කිහිපයක් දුර පිහිනා ගොඩබිමට පැමිණ ඇති බවට ලද බුද්ධි තොරතුරු අනුව බුද්ධි අංශ නිලධාරීන් අවේක්‍ෂණ රාජකාරීවල යොදවා තොරතුරු ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයා පියවර ගෙන තිබිණි.

36 හැවිරිදි එම ජාවාරම්කරු මහා පරිමාණ ධීවර ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් එකී ජාවාරම සිදුකර ඇති බවත් මින් මාස කිහිපයකට පෙර මුහුදු මාර්ගයෙන් ස්වයංක‍්‍රීය ගිනි අවි 20 ක් ලංකාවට ප‍්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිදු කළ ප‍්‍රශ්න කිරීම් වලදී පසුගිය වසර කිහිපය තුළදී ඉරාන ජාතිකයන්, ඉරාක ජාතිකයන් හා ශ‍්‍රී ලාංකික ධීවරයන් මගින් හෙරොයින් කිලෝ සිය ගණනක් මුහුදු මාර්ගයෙන් ශ‍්‍රී ලංකාවට ප‍්‍රවාහනය කළ බෝට්ටුවල පැදවුම්කරු ලෙසත් ඔහු කටයුතු කර ඇති බවත් විමර්ශන නිලධාරීහු පවසති.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ එම වැටලීම කර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක සහ හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment