ගිනි රකුසාට බිලි වූ රාගල පවුලම එකම වළක මිහිදන් වෙති

573

නුවරඑළිය රාගල පොලිස් වසමට අයත් රාගල වත්තේ මැද කොටසේ නිවසක් ගිනි ගැනීමෙන් පිලිස්සී මියගිය කුඩා ළමුන් ඇතුළු පස් දෙනාගේ අවසන් කටයුතු එම වතුයායේ වතු කම්කරුවන්ගේ සෝ සුසුම් මැද (09) දින රාත‍්‍රි 10 ට පමණ සිදු කළ බව රාගල පොලිසිය පැවසීය.

ගිනි රකුසාට බිලි වූ රාගල පවුලම එකම වළක මිහිදන් වෙති

ගින්නෙන් පිලිස්සී ජීවිතක්ෂයට පත් පස් දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය දිස්ත‍්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජේ.කේ. රාජගුරු මහතා විසින් සිදු කළ අතර, එහිදී ජීවිතක්ෂයට පත් පස් දෙනාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර අධිකරණ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ලබා දී ඇත.

 පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් වීමෙන් පසු දේහයන් සහිත පෙට්ටි මුද්‍රා තබා එම වතුයායට රැුගෙන ගොස් කිතුණු ආගමික වතාවන් පැවැත්වීමෙන් අනතුරුව එකම වළක පස්දෙනාගේ සිරුරු මිහිදන් කෙරිණ.

ගිනි රකුසාට බිලි වූ රාගල පවුලම එකම වළක මිහිදන් වෙති


ජීවිතක්ෂයට පත් අවු 01 වයසැති දරුවාගේ පළමු උපන් දින සාදය නිවස ගිනිගත් දින රාත‍්‍රියේ පවත්වා ඇති බවත්, එම උපන් දින සාදයෙන් අනතුරුව එදිනම රාත‍්‍රි 10.30 ට පමණ ඔවුන් පදිංචිව සිටි තාවකාලික නිවස ගිනිගෙන ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රාගල පොලිසිය කියා සිටියේය.

 මෙසේ මිහිදන් කරනු ලැබුවේ රාමයියා තංගයියා – සීයා (61),සෙල්වමුත්තු පෙච්චුමි – මිත්තණිය (57), තංගයියා සන්ද්‍යා – දරුවන්ගේ මව (34), දරුවන්ගේ මවගේ පෙර සැමියාගේ පුතෙකු වන සත්‍යනාදන් තුවාකරන් (13), මවගේ වර්තමාන සැමියාගේ පුතෙකු වන මොහන්දාස් හෙරෙෂන් (01) නමැති අයගේ සිරුරුයි.

 නිවස ගිනි ගැනීම සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාද රාගල ප‍්‍රදේශයට ගොස් ස්ථාන පරීක්ෂාවක් පවත්වා ඇති බවත්, නිවස ගිනි ගැනීම සම්බන්ධයෙන් රාගල පොලිසිය ඇතුළු තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් අංශ කිහිපයක් ඔස්සේ වෙන් වෙන්ව පරීක්ෂණ පවත්වන බව නුවරඑළිය පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතා පැවසීය.

 ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment