ගිනි රකුසා කොහු කර්මාන්ත ශාලාව ගිනිබත් කරයි

65

හලාවත, මාදම්පේ, සෙම්බුකට්ටිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී තිබේ. 02 වෙනි දින රාත්‍රි 07.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර 03 වෙනි දින අලුයම 4.00 පමණ දක්වා ගින්න පැවතී තිබේ.

පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න මැඬ පවත්වා ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇත. ගින්න හට ගත්

අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ කිසිවෙකු සිට නොමැති අතර ගින්න පාලනය කිරීම සඳහා මාදම්පේ පොලිසිය, හලාවත නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, හලාවත ප්‍රාදේශීය සභාවේ ජල බවුසර් හා ප්‍රදේශවාසීන් සහය පළකර ඇත. ගින්නෙන් කර්මාන්ත ශාලාවේ යන්ත්‍රවලට මෙන්ම අපනයනයට සූදානම් කර තිබූ කොහු, විකිණීම සඳහා සුදානම් කර තිබූ කොහු විනාශ වී තිබේ. ගින්නෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරුකර නොමැති බව එහි හිමිකරු පවසයි. සිද්ධිය සම්බන්ධව මාදම්පේ පොලිසිය පරීක්ෂණය සිදු කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment