ගිනි වන්දි තක්සේරු යළි විමර්ශනයට

123

මැයි 09 වැනිදා ඇතිවූ සිදුවීම්වලින් විනාශයට පත්වූ දේශපාලනඥයන්ගේ දේපොළ සම්බන්ධයෙන් ලබාදී තිබූ ප්‍රශ්න සහගත තක්සේරු වාර්තා නැවත විමර්ශනය කිරීමට විමර්ශන කණ්ඩායම් පියවර ගෙන ඇත.

ප්‍රශ්න සහගත තක්සේරු වාර්තාවන්ට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් නැවත විමර්ශන පවත්වන ලෙස විමර්ශන කණ්ඩායම්වලට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇති බව ද විශ්වාසවන්තකටයුතු ආරංචිමාර්ග පැවසීය.

විනාශයට පත්වූ දේපොළ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන් ඉදිරිපත් කළ තක්සේරු වාර්තා ප්‍රශ්නසහගත බවට දිවයින පුවත්පත මගින් ඉකුත් දා හෙළි කරන ලදී.

එම හෙළිදරව් කිරීමෙන් අනතුරුව ඊට අවධානය යොමු කර ඇති බලධාරීන් ප්‍රශ්නසහගත තක්සේරු වාර්තාවලට අදාළ සිදුවීම් නැවත විමර්ශනය ආරම්භ කළ බවද විමර්ශන කණ්ඩායම්වලින් ලැබෙන ආරාංචිමාර්ග පවසයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment