ගිය අයවැයේ ඒවා මෙවර නෑ මේ අයවැයේ ඒවා ඊළඟට නෑ මේ වෙන්නේ රැවටීමක් පමණයි – මහාචාර්ය චරිත හේරත් (පො.පෙ.)

103

ඊයේ (15) පාර්ලිමේන්තුව – ගිය අයවැයේ ඒවා මෙවර නෑ මේ අයවැයේ ඒවා ඊළඟට නෑ මේ වෙන්නේ රැවටීමක් පමණයි – මහාචාර්ය චරිත හේරත් (පො.පෙ.)

අපට ඡන්දය දීලා ප්‍රතික්ෂේප කරපු සමහර වැඩසටහන් අපේ මන්ත්‍රීවරුන්ගේම අනුමැතියෙන් ඇවිල්ලා. මේක පිටුපස බරපතළ දේශපාලන කාරණා තියෙනවා. මේ අයවැයත් කලින් ඉදිරිපත් කළ අතුරු අයවැයත් වෙනස්. බරපතළ වෙනස්කම් තියෙනවා.

තරුණ කෘෂිකර්ම ඒකක ඇතුළු යෝජනා රැසක් ක්‍රියාත්මක කරන බවට එදා කිව්වත් ඒවා ගැන වචනයක්වත් මේ අයවැයේ නෑ. ඊළඟ අයවැයේදී මේ කිසිවක් නැතිව වෙනම යෝජනා එනවා. මේ වෙන්නේ
රැවටීම පමණයි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉඩම් තමන්ගේ
ගජමිතුරන්ට දෙන්න අවශ්‍ය යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. පාර්ලිමේන්තුවත් අක්‍රිය කර පාස්කරලිංගම් කරණයක් වෙන්න යනවා.

නාස්තිකාර පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. නමුත් ටෙලිකොම් ආයතනය පාඩුවෙලා නෑ. රක්‍ෂණ සංස්ථාව කිසිම ප්‍රශ්නයක් නෑ. ලිට්‍රො, ලංකා හොස්පිටල් ආයතන කිසි ගැටලුවක් නැහැ. මේවා විකුණන්න එපා. මේ ගැන වහාම බලන්න.

advertistmentadvertistment
advertistmentadvertistment