ගිය අවුරුද්දේ ටෙලි වලට මේ අවුරුද්දේ ලැබෙන සම්මාන

246

මාණික්කාවත, පීතෘ, Once upon Time in colombo පෙරමුණේ

රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවට නව මානයක් හඳුන්වා දෙමින් 2005 වර්ෂයේදී හඳුන්වාදුන් රයිගම් ටෙලීස් 19 වැනි වරටත් එළැඹෙන මාර්තු මස 25 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට නියමිත ය.

ගිය අවුරුද්දේ ටෙලි වලට මේ අවුරුද්දේ ලැබෙන සම්මාන

මේවර නිර්දේශිත නාම සංධ්‍යාව පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ප්‍රධාන උළෙල දෙකකින් සමන්විත වේ. එනම් නිර්දේශිත නාම උත්කර්ශන උළෙල සහ අවසාන සම්මාන රාත්‍රියයි.

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස කිරුළු පළඳින්නට” ස්වර්ණවාහිනියේ විකාශනය වූ පීතෘ ටෙලි නාට්‍යයේ ලලිත්ගේ චරිතය රඟපෑ ප්‍රියන්ත සිරිකුමාරත්” ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ මාණික්කාවත ටෙලි නාට්‍යයේ කෙටිහාමිගේ චරිතයට ජීවය දුන් ජගත් චමිල වගේම ජාතික රූපවාහිනියේ විකාශනය වූ තුම්පනේ ටෙලි නාට්‍යයේ විකුම්සිරිගේ චරිතයට පණ දුන් මධුර ප්‍රභාෂ්වරත් නිර්දේශ විය.

ගිය අවුරුද්දේ ටෙලි වලට මේ අවුරුද්දේ ලැබෙන සම්මාන

වසරේ විශිෂ්ටතම නළුවා එසේ නිර්දේශ වෙද්දී වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස කිරුළු පළඳින නිර්දේශිත නාමයන් අතර එකම ටෙලි නාට්‍යයේ චරිත දෙකක් තිබීම සුවිශේෂී කරුණක් විය. ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ මාණික්කාවත ටෙලි නාට්‍යයේ පිච්චිගේ චරිතයට පණ පෙවූ උමා අසෙනි සහ ගුණාදරීට ජීවය දුන් වොල්ගා කල්පනී එසේ නිර්දේශ වූ රංගන ශිල්පිනියන් දෙපළ වේ. මීට අමතරව පීතෘ ටෙලි නාට්‍යයේ ගෞරිගේ චරිතය රඟපෑ උමාලි තිලකරත්නත්” අඳුන්ගිර ටෙලි නාට්‍යයේ කොයින් මැණිකේ ලෙස රංගනයෙන් එක් වූ දමිතා අබේරත්නත් නිර්දේශ විය.

ගිය අවුරුද්දේ ටෙලි වලට මේ අවුරුද්දේ ලැබෙන සම්මාන

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයට මාණික්කාවත ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ සුදත් රෝහණත්” තුම්පනේ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ සුපුන් රත්නායකත්” පීතෘ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ ආනන්ද අබේනායකත්” Once upon Time in colombo ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ චමිල් පතිරණත් නිර්දේශ විය.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස ෆාහිම් මවුජූඩ් නිෂ්පාදනය කළ පීතෘ සහ මාණික්කාවතත්” සහරා ග්ලෝබල් නිෂ්පාදනය කළ Once upon Time in colombo යන ටෙලි නාට්‍ය නිර්දේශ විය.

ගිය අවුරුද්දේ ටෙලි වලට මේ අවුරුද්දේ ලැබෙන සම්මාන

මෙවර රයිගම් ටෙලි සම්මාන නිර්දේශිත නාම උළෙලේදී සිදුවූ සුවිශේෂීම සිද්ධිය වූයේ සුදත් රෝහණ අධ්‍යක්‍ෂණය කළ මාණික්කාවත ටෙලි නාට්‍ය සම්මාන දොළහක් සඳහාත්” ආනන්ද අබේනායක අධ්‍යක්‍ෂණය කළ පීතෘ ටෙලි නාට්‍ය සම්මාන එකොළහක් සඳහාත් නිර්දේශ වීම සහ එම නාට්‍යද්වයම එකම නිෂ්පාදකවරයකු විසින් නිෂ්පාදනය කරීමත් ය. එම ටෙලිනාට්‍යද්වයේ නිෂ්පාදකවරයා වන්නේ මෙරට ටෙලි නාට්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් කළ ෆාහිම් මවුජූඩ් ය.

එමෙන්ම නවක අධ්‍යක්‍ෂවරයෙක් වන චමිල් පතිරණ අධ්‍යක්‍ෂණය කළ Once upon Time in colombo ටෙලි නාට්‍ය සම්මාන එකොළහකටත්” අඳුන්ගිර ටෙලි නාට්‍ය සම්මාන හයකටත්” තුම්පනේ ටෙලි නාට්‍ය සම්මාන පහකටත් නිර්දේශ විය.

ගිය අවුරුද්දේ ටෙලි වලට මේ අවුරුද්දේ ලැබෙන සම්මාන

එහිදී සම්මාන සඳහා නිර්දේශ වූ තවත් නාමයන් කිහිපයක් මෙසේය.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය නාරද තොටගමුව (මාණික්කාවත)” ප්‍රියන්ත එස්. වන්නිනායක (අඳුන්ගිර)” වසන්ත පූර්ණවංශ (පීතෘ).

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය පියතිස්ස අකුරම්බොඩ (මාණික්කාවත)” හසින්ත වැල්ලවා (අඳුන්ගිර)” ධම්මික හේවාදුන්න (Once upon Time in colombo).

ගිය අවුරුද්දේ ටෙලි වලට මේ අවුරුද්දේ ලැබෙන සම්මාන

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය තුසිත අනුරාධ (මාණික්කාවත)” තිසර තුල්වන් (පීතෘ)” චින්තක සෝමකීර්ති (Once upon Time in colombo).

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය අසංග සත්සර හේරත් (මාණික්කාවත)” එස්. රාජේන්ද්‍රන් (පීතෘ)” චාමර සමරතුංග (Once upon Time in colombo).

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය ඩිලාන් විජයවික්‍රමකීර්ති (Once upon Time in colombo ටෙලා)” ජගත් වීරතුංග (පීතෘ)” දයාන් තිත්තගල්ල/නුවන් සිංහාධිපති (තුම්පනේ).

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය සතිස් සුරේන්ද්‍ර ඒකනායක (අඳුන්ගිර)” නදීක වැලිගොඩපොල (පීතෘ)” සාදර බණ්ඩාර (මෙට්‍රො සිහින).

වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය ගීත රචනය වසන්තකුමාර කොබවක (පිච්ච මල සුවඳයි)” තුෂානි බුළුමුල්ල (වීදුරු මල්)” සුපුන් රත්නායක (තුම්පනේ).

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා රනිල් මුදුන්කොටුව (මාණික්කාවත)” දුමාල් වර්ණකුල (පිච්ච මල සුවඳයි)” භාචි සුසාන් (Once upon Time in colombo).

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව අභිශේකා විමලවීර (මාණික්කාවත)” සශිකා නිසංසලා (පිච්ච මල සුවඳයි)” නිලක්‍ෂි හැලපිටිය (පානාමංකඩ).

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment