ගිය රජය මිග් යානා 4ක් ගත්තේ යුක්රේන් රජයේ සමාගමකින් නොවේ

402

පසුගිය රජය රුපියල් මිලියන 265ක් ගෙවා පරණ මිග් 27 වර්ගයේ යානා හතරක් මිලට ගෙන ඇත්තේ යුක්රේන් රජය සතු යුක්රින්ටාෂ් සමාගමෙන් නොවන බව එම සමාගම මෙරටට දන්වා ඇත.

කිව් අගනුවර ගුවන්තොටුපළේ පැත්තකට කර දමා තිබූ මෙම මිග් යානා හතරට අදාළ තොරතුර දත්ත හෙළි වී ඇති අතර මෙම යානා මෙරටට අලෙවි කර ඇත්තේ සිංගප්පූරු ව්‍යාපාරියකු බව ද අනාවරණය වී ඇත. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ මිලට ගත් මෙම මිග් යානා ගනුදෙනුව මහත් ආන්දෝලනයකට ලක් වී තිබූ අතර යුක්රින්ටාෂ් සමාගම ඒ ගැන තොරතුරු මෙතෙක් හෙළි කර නොතිබිණි. මේ අතර රහස් පොලිසිය මිග් ගනුදෙනුවට අදාළව යළි පරීක්ෂණ අරඹා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment