ගිය වසරේ කාන්තා අපරාධ 567 ක් කතුන් 79 ක් ඝාතනය කරලා – විගණන වාර්තාවකින් කියයි

237

ඉකුත් වර්ෂයේ (2021) කාන්තාවන්ට එරෙහිව බල අපරාධ සිද්ධීන් 567 ක් වාර්තා වී ඇති අතර කාන්තාවන් 79 දෙනකු ඝාතනයට ලක්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවක සඳහන් වේ.

ඉකුත් වසරේ කාන්තාවන්ට එරෙහිව වාර්තා වී ඇති බල අපරාධ සිද්ධීන් 567 න් වර්ෂය අවසන් වන විට 355කට අදාළ විමර්ශන අවසන්ව නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. කාන්තාවන්ට එරෙහිව වාර්තා වී ඇති බල අපරාධ අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ස්ත්‍රී දූෂණ වන අතර එම සංඛ්‍යාව 186 කි. පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය සියයට 43 කි. බරපතළ තුවාල කිරීමේ සිද්ධීන් 194 ක් වාර්තා වී තිබූ අතර පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය සියයට 35 කි. කාන්තා ඝාතන සිද්ධීන් 55 ක් වර්ෂය අවසන් වන විට තවදුරටත් විමර්ශන මට්ටමේ පැවැති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. කෙසේ වුවද මේ පිළිබඳ ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත්තේ අපරාධ විසඳීමේ ප්‍රතිශතය මීට වඩා ඉහළ අගයක් ගත යුතු බවය. කාන්තාවන්ට එරෙහිව ඇති බල අපරාධ සිද්ධීන් සම්බන්ධව විමර්ශන අවසන් කිරීමට පියවර ගත යුතු බව ද විගණනය මගින් නිර්දේශ කර තිබේ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment