ගිය වසරේ ටෙලිකොම් ලාභය රු. බිලියන 12ක් – මේ වසරේ මාස 9ට බිලියන 6 ක ලාභයක්

241

පසුගිය වසර තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ලාභය රු. බිලියන 12 ක් බවත් මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ලාභය රු. බිලියන 6 කට ආසන්න බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවේ පැවැති තාක්‍ෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේදී සඳහන් කර තිබේ.

ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා එම සමාගමේ නිලධාරීන්ගෙන් සමාගමේ තොරතුරු විමසා සිටි අවස්ථාවේ මෙම කරුණු අනාවරණය විය. මෙහිදී ටෙලිකොම් සමාගමේ නිලධාරීන් කියා සිටියේ සමාගමේ අයිතියෙන් සියයට 49.5 ක් රජය සතු බවත් පෞද්ගලීකරණය සිදුකළ හොත් පෞද්ගලික අංශයට හිමිවන්නේ එම කොටස් ප්‍රමාණය බවත්ය.

අන්තර්ජාල සැපයුම් සමාගම්වලට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 5ඨ තාක්‍ෂණය සඳහා අවසර ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව 5ඨ තාක්‍ෂණයට අදාළ වාණිජ කටයුතු ඇරඹීම සඳහා ලබන වසරේ අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීහු පැවැසූහ.

මේ අතර රට පුරා ඇති විදාතා මධ්‍යස්ථාන තාක්‍ෂණ අමාත්‍යාංය යටතට පවරා ගෙන නව ලෝකයට ගැළපෙන පරිදි සංවර්ධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් එහිදී කළ යෝජනාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා පවසා තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. එම්. මුෂාරෆ්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, ගුණතිලක රාජපක්‍ෂ යන මහත්වරු ද තාක්‍ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment