ගිය වසරේ මාස 11 කදි අපනයන ආදායම 24.9% කින් ඉහළට

143

ගිය වසරේ (2021)පළමු මාස එකොළහේදී මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 11345 ක් දක්වා සියයට 24.9 කින් වර්ධනය වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2020 වසරේ පළමු මාස එකොළහේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9083 ක් විය.

ගිය වසරේ (2021) ජුනි මාසයේ සිට අඛණ්ඩව මෙරට මාසික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා වාර්තා වී ඇති බව ද මහ බැංකුව තවදුරටත් පවසයි.

මේ අතර පසුගිය නොවැම්බර් මස අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1211 ක් දක්වා සියයට 54.6 කින් ද වර්ධනය වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment