ගිය වසරේ රට රැකියා සල්ලි 22.5% කින් පහළට

259

ගිය වසරේ (2021) විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබුණු මුදල් ප‍්‍රමාණය (විදේශ විනිමය පේ‍්‍රෂණ) ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක් දක්වා සියයට 22.5 කින් පහත වැටී ඇත.

2020 වර්ෂයේ මෙරටට ලැබුණු විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.1 ක් වූ අතර මේ නිසා ගිය වසරේදී (2021) මෙරටට ලැබුණු විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.6 කින් පමණ පහත වැටී ඇත. මේ අතර ඉකුත් දෙසැම්බර් මාසයේදී ලද විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 325 ක් දක්වා අඩුවී ඇත. 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 813 ක විදේශ විනිමය පේ‍්‍රෂණ ආදායමක් රටට ලැබුණි. කෙසේ වෙතත් මේ වන විට විදේශ රැුකියා සඳහා පිටරට යන පිරිස වැඩිවී ඇති නිසා ඉදිරියේදී විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment