ගිය වසරේ වෙළෙ`ද හිඟය ඩොලර් බිලියන 8.1 ට නගී

111

ගිය වර්ෂයේ (2021) රටේ මුළු වෙළෙ`ද හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

මේ අනුව 2020 වසරට සාපේක්‍ෂව වෙළෙ`ද හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1 කින් සියයට 35.4 කින් වර්ධනය වී ඇති බව ශ‍්‍රී ලංකා මහ බංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

2020 වසරේ වාර්තා වූ වෙළෙ`ද හිඟය ඇමෙරිකානු ඩොලර් බිලයන 6 ක් විය. මෙසේ වෙළෙ`ද හිඟය වර්ධනය වීමට හේතුවී ඇත්තේ භාණ්ඩ අපනයන ආදායම වර්ධනය වීමේ වේගයට වඩා වැඩි වේගයකින් භාණ්ඩ ආනයන වියදම් වර්ධනය වීමයි.

මේ අනුව 2020 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 10,047 ක්වූ අපනයන ආදායම 2021 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 12,502 ක් දක්වා සියයට 24.4 කින් වර්ධනය වනවිට 2020 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 16,055 ක්වූ ආනයන වියදම 2021 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 20,637 ක් දක්වා සියයට 28.5 කින් වර්ධනය වී ඇති බව මහබැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment