ගිය වසර දෙකේ ළමා රෝහලට පැමිණි බොහෝ දෙනකු අඩු බර දරුවන්

108

විශේෂ වෛද්‍ය දීපාල් පෙරේරා

කොවිඩ් ආරම්භයේ සිට මේ දක්වා ගතවූ වසර 2ක තුළ ළමා රෝහලට ඇතුළු වූ දරවැන් ගෙන් බොහෝ දෙනකු අඩු බර සහිත දරුවන් බවට හඳුනාගෙන ඇති බවත්, මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කරන බවත් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඳ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා “දිවයින”ට ඊයේ (30 වැනිදා) පැවැසීය.

දරුවන්ගේ පෝෂණය පිළිබඳව දෙමාපියන්ගේ නො දැනුවත්භාවය මීට හේතු වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේද කීය.

රෝහලට පැමිණි බොහෝ දරුවන්ට වයසට ම ගැළපෙන බර නැහැ. උසට ගැළපෙන බර නැහැ. මේ රෝහල් ගතවන දරුවන්ට ආර්ථික තත්ත්වයත් එක්ක නිසි පෝෂණයක් ලැබෙනව ද කියනඑක ප්‍රශ්නයක්. කොවිඩ් තත්ත්වයත් දරුවන්ගේ පෝෂණයට බලපෑවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment