ගිරිබාව සමූපේ ඡන්දයෙන් ජවිපෙට විශිෂ්ට ජයක්

419

රාජාංගනය ගිරිබාව විවිධ සේවා සමුපකාරයේ ඡන්ද විමසීම ඊයේ (11දා) ගිරිබාව සමුපකාර පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්‍ෂවල සාමාජිකයන් අපේක්‍ෂකයන් ලෙස ඡන්දයට ඉදිරිපත්වී ඇති අතර මෙවර ජනතා විමුක්ති පෙරමුණ විසින් ගිරිබාව සමුපකාර සමිතියේ ප්‍රාදේශික 22 න් 11 ක් ජයගෙන තිබේ.

ගිරිබාව සමුපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් 100 ක් තෝරාගනු ලබන අතර ඉන් 60 කගේ බහුතරය හිමිකරගෙන රාජාංගනය ගිරිබාව විවිධ සේවා සමුපකාරයේ බලය තහවුරු කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ මෙවර සමත්වී තිබේ.

වත්මන් රජය පිළිබඳ වන්නියේ ජනතාව සතුව පවතින අප්‍රසාදය මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් මනාව පිළිබිඹු වන අතර සමුපකාරයේ පැවැති පාලනය මෙන් නොව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය වංචාවෙන් දූෂණයෙන් තොරවූ කෘෂි නිෂ්පාදන මූලික කරගත් සමුපකාර සාමාජිකයාට ප්‍රතිලාභ ලැබෙන ආකාරයේ ජනතාවාදී සමුපකාරයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ගිරිබාව ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණෙහි මන්ත්‍රී ඩී. පී. උපාලි ජයසිංහ මහතා සඳහන් කළේය.
කුමා රණසිංහ – ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment