ගිලන් රථයට වෙඩි තැබීම සලිඳුගේ වැඩක්

254

පානදුර මූලික රෝහල ඉදිරිපිට දෙනෝදාහක් දෙනා බලාසිටියදී ගිලන්රථයක රියදුරකුට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ පානදුරේ සලිඳු නමැති පාතාල නායකයා විසින් බව පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත.

රුපියල් කෝටි 45 ක මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ඔත්තු ලබාදුන් බව කියන සිද්ධියක් මුල්කරගෙන මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

පෙරේදා (27 දා) මහ දවල් පානදුර රෝහල ඉදිරිපිට සිදුවූ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතරදෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන පවත්වාගෙන යයි.

මෙම ප‍්‍රහාරය මෙහෙයවූ පානදුරේ සලිඳු නමැති පාතාල නායකයා මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැ`ගවී සිටින අතර ඔහු එරට සිට ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල සන්නද්ධ කණ්ඩායමක් මෙහෙයවන බව පොලිසිය පවසයි.

ඉකුත් 2021 වර්ෂයේ පෙබරවාරි 28 වැනිදා, වලාන දූෂණ මර්දන ඒකකය මගින් යුදහමුදා ගිලන් රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 45 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 45 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබා දුන්නේ මෙම ගිලන්රථ රියදුරු යැයි කියමින් පානදුරේ සලිඳු ඔහු ඝාතනය කිරීම සඳහා මෙම සැලසුම ක‍්‍රියාත්මක කර ඇති බව පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත. මෙම ගිලන්රථ රියදුරු කලක් පානදුරේ සලිඳු යටතේ සේවය කළ අයකු බවද පොලිසිය පවසයි.

ප‍්‍රහාරයෙන් ගිලන්රථ රියදුරුට කිසිදු අනතුරක් සිදුවී නැත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කළුතර අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ රොහාන් ඕලූගල මහතාගේ මෙහෙයවීමෙන් පානදුර උතුර පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment