ගිලන් රථ රියැදුරුට වෙඩි තැබූ දෙදෙනා ගැන  හරි තොරතුරකට පොලිසියෙන් ලක්‍ෂ 10 ක්  

145

පානදුර මූලික රෝහල ඉදිරිපිටදී ගිලන් රථයක රියැදුරුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදෙන අයකුට රුපියල් දසලක්‍ෂයක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට යතුරුපැදි දෙකකින් සැකකරුවන් සිව් දෙනකු පැමිණ ඇති අතර ඔවුන් පානදුර සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලබාලයන් බවද හෙළිවී ඇත.

ගිලන් රථ රියැදුරුට වෙඩි තැබූ දෙදෙනා ගැන   හරි තොරතුරකට පොලිසියෙන් ලක්‍ෂ 10 ක්  

මෙම ඡුායාරූපවල සිටින කඳනආරච්චිගේ ප‍්‍රමෝද් සඳකැලූම් හෙවත් සිම් මල්ලී නමැත්තා ගැමුණු මාවත වලාන පානදුර පදිංචි 24 හැවිරිදි තරුණයකු වන අතර පානදුර, හිරණ, වලාන, අළුබෝමුල්ල, මිනුවන්පිටිය, බෙක්කේගම, මාතර, පොලොන්නරුව ප‍්‍රදේශවල නිතර සැරිසරන පුද්ගලයෙකි.

මෙම ප‍්‍රහාරයට අවශ්‍ය අනෙක් සැකකරු වන්නේ

බැමින හැන්දිගේ චමිඳු සංකල පීරිස් නමැති නො. 52/1, එක්වන පටුමග, හිරන පදිංචි 23 හැවිරිදි අයෙකි.

මොහු පානදුර හිරණ, ගල්කිස්ස, කළුතර, පොලොන්නරුව ප‍්‍රදේශවල සැරිසරන බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් දෙදෙනා පිළිබඳ තොරතුරු මෙතෙක් නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත අපරාධ දිසාව 0718592686 හෝ අධ්‍යක්‍ෂ කළුතර අපරාධ කොට්ඨාසය 0718592745 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

මෙම තොරතුරු ලබාදෙන අයගේ අනන්‍යතාව ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment