ගිලුණු නැව් 47 සල්ලි දෙයි

275

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිලී මුහුදුබත් වී ඇති නෞකා 47 ක සංඛ්‍යාව ආදායම් උපයා ගැනීම සඳහා යොදා ගැනීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම නෞකා අතරින් කෞතුක වටිනාකමක් සහිත ඒවා සංරක්‍ෂණය කිරීමටත් එසේ නොමැති නෞකා අබලි ද්‍රව්‍ය ලෙස විකුණු මුදල් රජයේ

ගිණුමට බැර කිරීමටත් පියවර ගන්නා ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මුහුදුබත් වී ඇති නෞකා දැකබලා ගැනීම සඳහා උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයන් රැසක් සිටින බවත්, මුහුදු පතුලේ කිමිදී ඒවා ඡායාරූප කිරීම මෙන්ම ගවේෂණය කිරීම සඳහා ජාත්‍යන්තර කණ්ඩායම් රැසක් සිටින බවත් අනාවරණය වී ඇත.

සමුද්‍රීය නීතිය අනුව වසරක කාලයක් ඇතුළත
ගිලුණු නැවක් පිළිබඳව අයිතිවාසිකම් ඉදිරිපත් කර නොමැති නම් එම නැවේ හිමිකාරීත්වය සමුද්‍ර තීරය අයිති රජයට හිමි වේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment