ගිවිසුම් කඩ කළ සරසවි ඇදුරන්ගේ මිලියන 78 ක් යළි අයකර ගන්න – විගණනයෙන් දැනුම් දෙයි

269

කොළඹ විශ්වවිද්‍යාලය මගින් පශ්චාත් උපාධි සම්පූර්ණ කිරීම සඳහා වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබාදී තිබූ ආචාර්යවරුන් 18 දෙනකු අදාළ සුසුදුසුකම් සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් එළඹ තිබූ බැඳුම්කර ගිවිසුම කඩවීම මත රුපියල් මිලියන 78.2 ක මුදලක් එම ආචාර්යවරුන්ගෙන් අය කළ යුතුව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම නැවත සේවයට වාර්තා කර නොතිබූ ආචාර්යවරු 12 දෙනකුගෙන් අයවිය යුතු රුපියල් මිලියන 20.2 ක මුදල වසර 02 ක සිට වර්ෂ 18 ක් දක්වා කාලපරාසයක් තුළ අය කළ යුතුව තිබුණද 2020.12.31 දින වන විටත් එම මුදල අයකර ගැනීමට කළමනාකරණය විසින් කි‍්‍රයාමාර්ග ගෙන නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණය මගින් විගණනයට සඳහන් කොට ඇත්තේ මෙම ආචාර්යවරුන් අතුරින් 07 දෙනෙකු සේවයේ යෙදී සිටිමින් ඔවුන්ගේ ආචාර්ය උපාධිය සම්පූර්ණකොට ඇති අතර ඔවුන්ගේ උපාධි සහතික ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවය. එමෙන්ම ආචාර්යවරුන් 08 දෙනකු ඔවුන්ගේ ආචාර්ය උපාධිය තවදුරටත් හදාරමින් සිටින බව විශ්වවිද්‍යාලය වෙත දන්වා ඇති බවද කළමනාකාරීත්වය විගණනයට දැනුම් දී තිබේ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment