ගිවිසුම කැන්සල් වීමෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයට මිලියන 163.6 ක පාඩුවක්

182

කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය විසින් රක්ෂණ භාර අරමුදල සමග ඇතිකර ගෙන තිබූ ප්‍රතිරක්ෂණ ගිවිසුම අහෝසි කිරීම නිසා රුපියල් මිලියන 163.6ක පාඩුවක් කෘෂිරක්‍ෂණ මණ්ඩලයට වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වෙයි.

රක්‍ෂණ භාර අරමුදල සමග ඇතිකර ගෙන තිබූ ප්‍රතිරක්‍ෂණ ගිවිසුම අනුව 2019 වර්ෂයේ යල කන්නයේදී එක් ගොවියකු සඳහා වාර්තා ගතවිය හැකි මුළු වන්දි වටිනාකමින් මුල් රුපියල් 10,000ක මුදල ගෙවීම සඳහා රුපියල් මිලියන 312ක හිඟ මුදලක් ලබාගත යුතු තිබිණි. එහෙත් කෘෂිරක්‍ෂණ මණ්ඩලය මගින් එකී හිඟ මුදල

ලබාගැනීම වෙනුවට 2020 වර්ෂයේදී ගිවිසුම අහෝසිකර රුපියල් මිලියන 148.3ක මුදලක් ලබාගැනීම නිසා කෘෂිරක්‍ෂණ මණ්ඩලයට රුපියල් මිලියන 163.6ක අලාභයක් වී ඇති බැව් විගණනය මගින් අනාවරණය කර ඇත.

ප්‍රතිරක්‍ෂණ ආවරණය ක්‍රියාත්මක නොවූ නිසා මෙකී මුදල ලැබිය යුතු මුදලක් ලෙස ගණන් බලා තිබූ අතර මෙම මුදල කෘෂිරක්‍ෂණ මණ්ඩලය වෙත ලැබී නොමැති බවද කෘෂිරක්‍ෂණ මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට දැනුම් දී ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment