ගීතා ඉරානයට

451

ඉරානයේ ටෙහෙරාන් නගරයේ දී ජනවාරි 20 වැනිදා පැවැත්වෙන බලවත් කාන්තාවන්ගේ පළමු ජාත්‍යන්තර සම්මේලනය සඳහා සහභාගිවීමට කාන්තා, ළමා කටයුතු සහ

සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය 18 දා ඉරානය බලා පිටත්ව ගියා ය.

අමාත්‍යවරිය මේ සඳහා සහභාගිවනුයේ ඉරාන ජනරජයේ කාන්තා හා පවුල් කටයුතු උප ජනාධිපති එනසායේන් කසාලි මහත්මියගේ ආරාධනාවකට අනුව ය. සංස්කෘතික වටිනාකම ඔප්නැංවනු පිණිස කාන්තාවන් සහ ඔවුන්ගේ පවුලේ තත්ත්වය පිළිබඳ බුද්ධිමය හා එම ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් වන ඔවුන්ගේ

අත්දැකීම් හුවමාරු කරගැනීමට රටවල් දිරිගැන්වීම හා කාන්තාවන්ගේ පෞරුෂය වර්ධනය කිරීම, රටවල්වල බලවත් කාන්තාවන් හඳුන්වාදීම හා දිරිගැන්වීම උදෙසා කාන්තාවන්ට සමානුපාතික තත්ත්වයන් බිහිකිරීම මෙම සම්මේලනයේ අරමුණවෙයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment