ගීතා භූත කතා කියනවා – කථානායක

892

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට ගිය රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය හොල්මන් සහ භූත කතා කියවන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ඊයේ (08) රාජ්‍ය ඇමැතිවරිය සමච්චලයට ලක් කළේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා විසින් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට නැගී සිටී රාජ්‍ය ඇමැතිනිය එම ප්‍රශ්නය වෙනුවට ඉන් පසුව විපක්ෂ නායකවරයා විසින් විමසීමට නියමිත (එතෙක් අසා නොතිබූ) ප්‍රශ්නයකට පිළිතුරු දීමට යෑමට නිසා මෙම තත්ත්වය ඇති විය.

කථානායකවරයා ඉහත ප්‍රකාශය කරමින් රාජ්‍ය ඇමැතිනියට අවස්ථාව නොදී ඉදිරි කටයුතු සඳහා යොමු වූ අතර පසුව විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දීමට අවස්ථාව ලබා දුන්නේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment