ගීත ක්ෂේත‍්‍රයේ දශක අටක රොම්ලස් ලකුණ

445

ප‍්‍රවීණ ගායන ශිල්පී සංගීත නිෂ්පාදක ජයසූරිය ආරච්චිගේ රොම්ලස් පෙරේරා හෙවත් ජේ. ඒ. රොම්ලස් පෙරේරාගේ ගායන දිවියට දශක හයක් සපිරෙන අතර ඔහුගේ 78 වැනි ජන්ම දිනය හෙට (18 දා) ට යෙදී ඇත.

ගුවන්විදුලියේ සේවය කළ අවධිය පිළිබඳව ඔබේ මතකය අවදි කළොත්.

ගුවන්විදුලියෙන් විශ‍්‍රාම අරන් දැන් වසර හතරක් ගෙවිලා. නමුත් මතක කිසිවක් අමතක කරන්න බැරි තැනක තමයි මම වැඩ කළේ. ගුවන්විදුලියේදී මම හැමදේම කළා. මම තමයි හිටිය සීනියර්ම සංගීත නිෂ්පාදකවරයා. සරල ගී, බයිලා, බොදු ගී, මාසික රැඟුම්, සේවක සංග‍්‍රහය මා කළ නිර්මාණයන් වුණා. මම ඒ ගැන බොහොම තෘප්තිමත්. වර්තමාන ගුවන් විදුලියේ සභාපති හඞ්සන් සමරසිංහ මහතා මගේ ජීවිතයට බොහෝ ඇප උපකාර කළ මහත්මයෙක්. එදා ගුවන්විදුලියේ සිටි සමහර සභාපතිවරුන්ට සංගීතය පිළිබඳව අල්ප මාත‍්‍රයක දැනුමක් තිබුණේ නැහැ. නමුත් අපි ගුවන්විදුලි සංස්ථාව රැක ගනිමින් ඉදිරියට ගියා. 2015 දී මගේ උපන් දිනයට ‘මාසික රැඟුම’ ගුවන්විදුලි වැඩසටහන කළා. නිළි

රැුජන මාලනී ෆොන්සේකා, ප‍්‍රවීණ රංගධරයන් වන රවින්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ, ප‍්‍රවීණ ගායන ශිල්පීන් වන සුනිල් එදිරිසිංහ, සනත්, මල්කාන්ති යුවළ, සමන් ද සිල්වා එක්ව ලස්සන වැඩසටහනක් කළා. එදා ගුවන්විදුලියට මඟුල් ගෙයක් වගේ. නමුත් එදා ගුවන්විදුලියේ හිටි අධ්‍යක්‍ෂ ජනරාල් මගේ වැඬේට සහායක් ලබාදුන්නේ නැහැ. එයා කිව්වා සංගීතයට එයාගේ උනන්දුවක් නෑ කියලා. මම හරියට කඩාවැටුණා. මම කුමාරතුංග මැදිරියට ගිහින් හුඟක් කල්පනා කළා. ඊට පස්සෙ තේවිස් ගුරුගේ මහතාගෙන් පසුව ‘මාසික රැඟුම‘ දිගටම කරගෙන යන්න හඞ්සන් සමරසිංහ මහතා සහාය ලබාදුන්නා.

‘ඇයි නාවෙ මා සොයලා’ රටක් ඔබව හඳුනාගත් ගීතය. අද මොනවද ඔබ ගැයූ ගීත පිළිබඳව සිතන්නේ…

ඇත්තම කීවොත් මගේ ගීත බොහොමයක් ඒ කාලේ රසික සිත්සතන් වසඟයට ගත්තා කීවොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි. ‘ඇයි නාවෙ මා සොයලා, මල් පෙත්තක පන්හිඳකින් අදාරේ ලිය ලියා’ සහ ‘පැතුම් සමුදුරේ ආදරේ නෞකා පාවේ’ ඉතාමත් ජනපි‍්‍රය වුණා. මේ තුනම ලීවේ නැසීගිය ආදරණීය කලා ශිල්පි පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා. ඒ වගේම කතරගම උත්සව සමය වර්ණවත් කරමින් නිරතුරුව විකාශය කරන ‘රුහුණු කතරගම කඳදෙව් සාමිණේ’ ගීතයත් හුඟක් ජනපි‍්‍රය වුණා. ප‍්‍රවීණ ගේය පදරචක ඩෝල්ටන් අල්විස් මහතා තමයි මෙය රචනා කළේ. ඒ වගේම මා වෙනුවෙන් ගීත ලියූ කරුණාරත්න අබේසේකරයන්, චන්ද්‍රලාල් කේටහෙට්ටිගේ, ප‍්‍රනීත් අබේසුන්දර යන මහත්වරුන් කිසිදා අමතක කරන්න බැහැ. ඒ අයගේ ගීත රචනා, මගේ හඬින් අපේ රටේ ගී රසකාමීන් අතරට ගියේ සදාකාලික මතක ශේෂ කරමින්. මම ගීත දෙසීයක් පමණ ගායනා කළා. ප‍්‍රවීණ ගායන ශිල්පීන් වන සුජාතා අත්තනායක. අයිරින් අල්විස්, මායා දමයන්ති, උරේෂා රවිහාරි සමග මා යුග ගායනාවන් ඉදිරිපත් කළා. චිත‍්‍රපට හයකදීත් මා ගීතවත් වුණා. මේ මතක ජීවිතයට අමුතු ශක්තියක්.

ඔබ අවසන් වරට ගායානා කළ ගීතය
හඞ්සන් සමරසිංහ මහතා ලියූ ‘අප මහා බෝසතාණෝ’ සංගීතය රෝහණ වීරසිංහයන්ගේ. ඔහු මා වෙනුවෙන් සංගීතවත් වූ පළමු අවස්ථාව තමයි මේක. මම අන්තිමට රෙකොඞ් කළේ මගේ ‘රඟපාන ඔබ කවුද සුකුමාලියේ’ ගීතය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment