ගීත රචකයා ජාත්‍යන්තරගත වන්නේ නෑ – වසන්ත දුග්ගනාරාළ

295

සංගීතය විශ්ව භාෂාවකි. ජාත්‍යන්තරය තුළ සිංහල ගීත වලටද ජනප‍්‍රියත්වයක් හිමි මේ මොහොතේ ඒ ගැන කතා කළේ ප‍්‍රවීණ ගීත රචකයෙකු වන වසන්ත දුග්ගනාරාළයි.

දුකා මේ දවස්වල සිංහල ගීතය ජාත්‍යන්තර ගත වීම ගැන කතාබහක් යනවා ඒ ගැන අදහස ඒ දේදි අපිට තියෙන බාධක ගොඩයි. සිංහල බස කතා නොකරන අය ලෝකෙ ගොඩයි. අපි මෙහෙම හිතුවොත් ලෝකෙ දෙමළ බස කතා කරන පෝරම් ගොඩක් තියෙනව. අපිට ප‍්‍රසංග කරන්න ගියත් ඒක තියෙනව. ඒ විදියට බලත්දි සිංහල බසේ අලංකරණ ගීතයට මුසු වෙද්දි හින්දි වලට වඩා අඩුයි. ගීත රචනයේදී ගීතයක් ජාත්‍යන්තර වීමට නම් එහි වාසිය තියෙන්න ඕන. එහෙම වෙච්ච මුල්ම ගීතය සුරංගනීට මාළු ගෙනාවා ගීතය කියලයි මට හිතෙන්නෙ. මොකද ඒක සරලව මිමිනුන ගීයක් වුණා රටවල් ගානක. එය එච්චර සරල නිසාමයි එහෙම වුණේ.

ඔබ ලියූ ගීත ජාත්‍යන්තර ගත වුණාද

ඇත්තටම කිව්වොත් මම ලියපු ගීත රන් වන් රන් සේල, නානානේ නා, නේත්තරා වැනි ගීත ජාත්‍යන්තර ලේබල් වලට ගිය ගීත වුණා කිව්වොත් නිවැරදියි. ඊට පසුකාලීනව මම ලියපු ඉරාජ් හදපු ආඩම්බරයි සුරනිගෙ ගීතය රටවල් ගානක් කවර් වර්ෂන් හැදුනා. රිමෙක්ස් සිංහලෙන්ම එයාලා කළා.

වර්තමානයේ තවත් මෙය වෙනස්ව පේන්න තියෙනව නේද

ඔව් වර්තමානයේ යොහානි, මැණිකේ ගීතය හරහා ජාත්‍යන්තරය වෙත ගියත් ගීත රචනාව ජාත්‍යන්තරයට ගියේ නෑ. ඒ වගේම ගීත ජාත්‍යන්තරගත වීම කියන්නෙ පිටරට ඉන්න ලංකාවෙ අය ඉස්සරහ ගීත ගායනා කිරීම නෙමෙයි. ජර්මන් ප‍්‍රංශ වගේ අය අපේ ගීත ගයනවනම් තමයි ජාත්‍යන්තරය අපි ජයගත්තා කියන්නේ අද වෙද්දි සංගීතයේදී මේ දේ ගොඩක් අය පටලවගෙන නේද

එහෙම දෙයක් තියෙනව තමයි. අපි කල්පනා කළ යුත්තේ රැල්ලට නොයාමයි. උදාහරණයක් විදියට ටැක්ස් හදන්න පුළුවන් නමුත් සිංහල තවම විශ්ව භාෂාවක් වෙලා නෑ. ඒක තමයි අපිට තියෙන අභියෝගය.

ගීත රචකයා ජාත්‍යන්තර ගත වෙනවද

එහෙම වෙන්නෙ නෑ. කොරියන් ගායකයෙකුගේ ඕපන් ගැන්ගස්ටා තමයි ලොකෙ හොඳටම වයිරල් වුණේ. මෙරේ සාජන් වගේ ගීතයක් බැලූවොත් ඉන්දියාවෙ ගීත රචක වයිරමුත්තු තමයි ඉන්දියාවෙ ජනප‍්‍රිය. හඬයි ජාත්‍යන්තරයට යන්නෙ. බස එළියට නොයන නිසා ගීත රචකයා රටකට සීමා වෙනව. ඉන්දියාවෙ නම් රයිම් වෙනව නම් තමයි ගීතයක් වැලඳගන්නෙ.

ගීත රචකයා අන්තර්ජාලය තුළ හැඳින්වීමත් ජාත්‍යන්තර ගත වුණා කියල සමහර අය හිතනව නේද

ඕක ඒ සමාජ අවකාශය ලබාදෙන දේනෙ. ඒක තිබ්බට රටට පමණයි ගීත රචකයා සීමා වෙන්නෙ. අපි ඒකයි තේරුම් ගත යුත්තේ. අන්තර්ජාලයේ ගීත රචකයෙක් ලෙස නම දාගත්තට ජාත්‍යන්තර තියා තමන්ගෙ රටේවත් ගීත රචකයෙක් වෙන්නෙ නෑ.

දුකා මේ දවස්වල අලූත් නිර්මාණ ගණනාවක් කරගෙන යනව නේද

ඔව් ඉරාජ් එක්ක එකතුවෙල ළමා පිළිකා රෝගීන් ගැන හැදුන ගීතයට හොඳ ඇගයුම් තිබුණා. ඒ වගේම සඳලිදුගෙ වැඩ කටයුතු වල මල් මල් සාරිය ගැනත් ගොඩක් අය අහනවා. දුමාල් වර්ණකුලසූරිය වගේම හර්ෂණ දිසානායකටත් අලූත් ගීත කිහිපයක් ලියා තිබෙනවා.

නදීෂ නිර්මාණ හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment