ගුජරාටයේ කඩා වැටුණු වැල් පාලමේ කොන්ත්‍රාත් සමාගමට එරෙහිව පියවර ගෙන නැතිලු

175

පුද්ගලයන් 141 දෙනකුට මරු කැඳවමින් පසුගිය ඉරිදා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි නගරයේ එල්ලෙන වැල් පාලමක් කඩා වැටීමේ සිද්ධියට වගකිවයුතු එම පාලමේ නඩත්තු කටයුතු සිදු කළ සමාගමේ බලධාරීන්ට එරෙහිව පොලිසිය හෝ දේශපාලකයන් කිසිදු පියවරක් ගෙන නොමැති බවට සිද්ධියෙන් මියගිය අයගේ ඥාතීහු චෝදනා කර තිබේ.

පොලිස් නිලධාරීන් විසින් අදාළ පාලම ප්‍රතිසංස්කරණය සිදු කළ “ඔරෙවා” සමාගමේ කාර්යාලය වෙත විමර්ශන කටයුතු සඳහා ගොස් එය වසා දමා තිබීම නිසා ආපසු හැරී පැමිණ ඇති බවත් ඒ හැරෙන්නට එම සමාගමේ ඉහළ පෙළේ බලධාරීන් හා ඔවුන් සමග ගිවිසුම් අත්සන් කළ නගර සභා නියෝජිතයන් පාලම කඩා වැටීමේ සිද්ධියට වගකිවයුතු බව ප්‍රකාශ නොකිරීම ගැටලුවක් බව අදාළ පිරිස් මාධ්‍යට පවසා තිබේ. පාලම ප්‍රතිසංස්කරණය කර ඔක්තෝබර් 26 වැනිදා විවෘත කරන අවස්ථාවේ අදාළ කොන්ත්‍රාත් සමාගම පවසා ඇත්තේ පාලම තවත් වසර 08ක් 10ක් යන තෙක් ශක්තිමත්ව පවතිනු ඇති බවකි.

advertistmentadvertistment
advertistmentadvertistment