ගුජරාට් ටයිටන්ස් තියුණු ජයකින් පසු පෙරමුණට

180

ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයට අවශ්‍යව තිබූ ලකුණු 22 හයේ පහර හතරක් සමගින් ලබාගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ නැවතත් ප්‍රථම ස්ථානයට පත්වීමට පෙරේදා (27 වෙනිදා) සමත් විය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති එම තරගයේදී රෂීඩ් ඛාන් සහ රාහුල් ටෙවටියා ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් එම දස්කම් ප්‍රදර්ශනය කළහ.

මාකෝ ජනේසන් විසින් ක්‍රියාත්මක කරන ලද එම අවසන් පන්දු වාරයේ දී රෂිඩ් ඛාන් හයේ පහර 3ක්ද රාහුල් ටෙවටියා එක හයේ පහරක් ද එල්ල කළහ. අවසන් පන්දුවට ලකුණු 3ක් අවශ්‍යව තිබියදී රෂිඩ් ඛාන් එම පන්දුවට හයේ පහරක් එල්ල කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 195 ක් රැස් කිරීමට සමත් වූයේය.

ටයිටන්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී එම ඉලක්කය හඹා ගිය අතර රෂීඩ් ඛාන් පන්දු 11ක්දී ලකුණු 31ක් සහ රාහුල් ටෙවටියා පන්දු 21කදී ලකුණු 40ක් නොදැවී ලබා ගත්හ. ලකුණු 25කට කඩුලු 5ක් දවාගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් උම්රන් මලික් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර අයිපීඑල් තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග 8න් 7ක් ජයග්‍රහණය කරමින් නැවත වරක් තරගාවලියේ පෙරමුණ ගැනීමට ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment