ගුජරාටි  කණ්ඩායමට තියුණු ජයක්

152

අවසන් පන්දුවාරයෙදී  ලකුණු 4කට කඩුලු 4 ක් දවාගත් ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයෝ  ලෝකේෂ් රාහුල් ගේ ගේ නායකත්වයෙන් යුත් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 7 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට  අද සමත් වූහ.

තරගය ජයග්‍රහණය කිරීම සඳහා  ලක්නව් ක්‍රීඩකයන්ට අවසන් පන්දුවාර යෙදී කඩුලු හතක් ඇතැතිව  ලකුණු 12 ක ඉලක්කයන් හිමිවී තිබුණ ද මෝහිත් ශර්මා ගේ දක්ෂ පන්දු යැවීමත් ගුජරාට්  ක්‍රීඩකයන්ගේ විශිෂ්ට පන්දු රැකීමත් හමුවේ ලක්නව් ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ එම පන්දු වාරයට ලකුණු 4 ක් පමණි.මෝහිත් ශර්මා ලෝකේෂ් රාහුල් ලකුණු 68කටත්,මාකස් ස්ටොයිනිස් ලකුණු 0 කටත් එම පන්දු වාරයේ පළමු පන්දු දෙක තුළ දවාගත් අතර දීපාක් හූඩා සහ අයුශ් බඩෝනි දුවද්දී දැවී ගියහ. 

ගුජරාට් ක්‍රීඩකයෝ පළමුව පන්දුවට පහරදී නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6 ක් දැවී ලකුණු 135 ක් ලබා ගත් අතර එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 66 ක් ලබාගත් හර්දික් පාන්ඩයා තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.මෙම ජයග්‍රහණය ගුජරාට් ක්‍රීඩකයින් මෙවර අයිපීඑල්  තරගාවලියේ ලත් තෙවැනි ජයග්‍රහණය විය.

advertistmentadvertistment
advertistmentadvertistment