ගුටි කෙළ ගත් ප‍්‍රා සභා මන්ත‍්‍රීන් දෙදෙනාට ඇප

100


මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ඉකුත් 13 දා මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීම් සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි එම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඊයේ හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේල වැඩ බලන මහේස්ත්‍රාත් සංජීව ෆෝන්සේකා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකු අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළේය.
මෙසේ ශරීර ඇප මත මුදා හරිණු ලැබුවේල මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන එස්ගඒගදිසානායක හා ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන පෙරුමාල් ආනන්දන් යන දෙදෙනාය.
මෙම සැකකරුවන් දෙදෙනාට 2022.03.16 වන දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වැඩබලන විනිසුරු සංජීව ෆෝන්සේකා මහතා විසින් නියෝග කරන ලදි.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment