ගුණවත් වාසනාවන්ත පංච කල්‍යාණියක් ජන්ම පත්‍රය තුළින් හඳුනාගනිමු

597

වචනයෙන් කියාගත නොහැකි වුවද විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින තරුණයන් බොහෝ දෙනකුගේ පැතුම රූමත් ගුණවත් වාසනාවන්ත බිරිඳක් ලැබීමය. ගුණවත් කරුණාවන්ත බිරිඳක් ලබන තැනැත්තා සැබවින්ම වාසනාවන්තයෙකි.

 බුදු දහමේ ද භාර්යාවරු සත් දෙනෙක් පිළිබඳ සඳහන් වේ. ඒ වධක, චෝර, ස්වාමි, දාසි, සඛි, භගිනි හා මාතෘ භාර්යා යනුවෙනි. ඒ අතුරින් මාතෘ වර්ගයේ භාර්යාවෝ ලබන්නේ ඉතාම වාසනාවන්තයෝ බව සඳහන් වේ. එසේම දේහ ලක්‍ෂණ විiාවේදී ද ස්ත්‍රීන් සතර ආකාරයකට වර්ග කර ඇත. ඒ පද්මිණී, මිතිනි, සංඛිනී හා හස්තිනී වර්ගයේ ස්ත්‍රීන් යනුවෙනි. දේහ ලක්‍ෂණ විiාවට අනුව පද්මිණී හෝ මිතිනි වර්ගයේ ස්ත්‍රියක් තම බිරිඳ ලෙස ලබන තැනැත්තා ඉතා වාසනාවන්ත බව සඳහන් වේ. තවද පද්මිණී වර්ගයේ ස්ත්‍රීන් මාතෘ භාර්යා ගණයට වැටෙන බවද සඳහන්ය. ජ්‍යොතිෂමය වශයෙන් ජන්ම නැකත අනුවද ස්ත්‍රීන් වර්ග කළ හැක. එහිදී මුවසිරස, අස්ලිය, පුවපල්, පුවසල හා උත්‍රසල යන නැකත් පද්මිණී වර්ගයේ ස්ත්‍රීන්ට හිමි බව සඳහන්ය. එසේම මිතිනි වර්ගයේ ස්ත්‍රීන්ට මූල, විසා හා උත්‍රපල් යන නැකැත්ද, සංකිනී වර්ගයේ ස්ත්‍රීන්ට කැති, හත, අනුර හා දෙනට යන නැකැත්ද, හස්තිනී වර්ගයේ ස්ත්‍රීන්ට සියාවස හා රේවතී යන නැකැත්ද අයත් බව සඳහන් වේ.

 රූමත් දුටුවන් නෙත් සිත් බඳන ඇඟ පසඟක් හිමිවීමට අනිවාර්යයෙන්ම පෙර පිං තිබිය යුතුය. එවැනි පෙර පිං ඇත්තියක් පංච කල්‍යාණියන් ලෙස හඳුන්වයි. අංග ලක්‍ෂණ විiාවේදී පංච කල්‍යාණය ලෙස ස්ත්‍රියක් සතු කරුණු 05ක් සලකා ඇත. ඒ දන්ත, චවි, කේෂ, මාංශ හා වයස් යන කරුණුය. දන්ත කල්‍යාණියන්හි ප්‍රශස්ථ මට්ටම් සලකා පංච කල්‍යාණියක්ද යනවග තීරණය කළහැක.

 ජ්‍යොතිෂයට අනුවද දක්‍ෂ ජ්‍යොතිෂවේදියකුට කේන්ද්‍ර සටහනක් දුටු පමණින්ම එම කේන්ද්‍රය හිමි තැනැත්තියගේ රූප ශෝභාව, අඟපසඟ මෙන්ම ගතිගුණද මනාව අවබෝධ කරගත හැක. එලෙස ජ්‍යොතිෂයයේ පංච කල්‍යාණියක්ද යන්න හඳුනාගත හැකි ග්‍රහ පිහිටීම් කිහිපයකි. ඒ මෙසේය.

 1. ලග්නාධිපති ග්‍රහයා ලග්න ගතව සඳු සමඟ සිටීම

 2. ලග්නාධිපති ග්‍රහයා බලවත්ව ලග්නයේ වීම

 3. පුර පක්‍ෂයේ බලවත් චන්ද්‍රයා ලග්න ගතවීම

 4. චන්ද්‍ර සහ ගුරු යන ග්‍රහයන් ලග්න ගතවීම එලෙස ලග්න ගතවූ චන්ද්‍ර හා ගුරුට 5 වැන්නේ හෝ 7 වැන්නේ හෝ 9 වැන්නේ හෝ සිටින සිකුරුගේ දෘෂ්ටිය ලැබීම.

 5. 5 වැන්නේ හෝ 9 වැන්නේ හෝ ගුරු සිකුරු පිහිටීම.

 6. ලග්නාධිපති 7 අධිපති සමඟ යෝගවීම.

 7. සිකුරු 7 අධිපති වී සෞම්‍ය ග්‍රහයන් සමඟ සිටීම.

 8. 7 අධිපති ගුරු සමඟ හෝ ගුරුගේ දෘෂ්ටියට ලක්වීම.

 9. ලග්නයෙන් 7 වැන්නේ බලවත් ගුරු හෝ සඳු සිටීම.

 10. සඳුගෙන් 7 වැන්නේ ගුරු සිටීම.

 11. ලග්නය තුලා, මකර, කුම්භ වී ශනි එහි සිට ශුභ දෘෂ්ටි ලැබීම.

 12. 9 වැන්නේ සිකුරු සඳු, ගුරු පිහිටීම.

 මීට අතිරේකව චන්ද්‍ර කුජ හෙවත් චන්ද්‍ර මංගල යෝගය, සිකුරු කුජ හෙවත් සිකුරු මංගල යෝගය යෙදුනු කේන්ද්‍ර හිමි තැනැත්තියන්ද ඉතා රූමත් සුරූපිනියන්ය. එය එසේම සිදුවන්නේ එම යෝගයනට පාප දෘෂ්ටි නොවැටීම හා එම ග්‍රහයන්ගේ බලවත් භාවය මතය. එය එසේ වුවද මෙම යෝග හිමි ස්ත්‍රීන් කාමාධිකය. සෙල්ලක්කාරය. යම් අයුරකින් උක්ත යෝගයකට රාහු කවර ආකාරයෙන් හෝ සම්බන්ධ වුවහොත් බොහෝ විට තම චරිතය කැලැල් කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇත. එසේම කුජ, රාහු වැනි පාපී ග්‍රහයන් 7 වැන්න 8 වැන්න වැනි ස්ථාන වල වීමද චරිතය අපිරිසිදු කර ගැනීමේ අවධානමක් ඇති පිහිටීම් බව ජ්‍යොතිෂයේ සඳහන්ය.

 ස්ත්‍රී අගපසඟ සම්බන්ධයෙන්ද යම් අදහසක් ග්‍රහ පිහිටීම තුළින් නිගමනය කළ හැක.

 1. ස්ත්‍රී කේන්ද්‍රයක කුජ ග්‍රහයා 4 වැන්නේ බලවත්ව සිටින කල මනාව වැඩුනු ඉදිරියට නෙරූ කවාකාර පියයුරු සගලකට හිමිකම් කියයි.

 2. 4 වැන්නේ සඳු කුජ පිහිටි ලඳුන්ගේ ඉඟ ඉතාම හැඩය. උකුල පුළුල්ය. පියයුරුද මනාව පිහිටා ඇත.

 3. 7 වැන්නේ සඳු, ගුරු, කුජ පිහිටි ලඳුන් මසින් පිරිදුටුවන් නෙත් සිත් බඳනා කලවා යුග්මයකට හිමිකම් කියයි.

 ඉහත සඳහන් ආකාරයේ ස්ත්‍රී අවයව වල ස්වභාවය පැහැය හා මෘදු මොලොක් භාවය සම්බන්ධ ග්‍රහ පිහිටීම් ගණනාවකි. එහෙත් ඒ සියල්ල සවිස්තරව මෙහි සඳහන් නොකළේ ලිවීමට තරම් සුදුසු නොවේ යැයි හැඟුනු බැවිනි. තවද, විධිමත් කේන්ද්‍ර පරීක්‍ෂාවකදී වාසනාවන්ත විවාහ හිමි ස්ත්‍රීන් මෙන්ම නපුරු කෲර ගතිගුණ වලින් යුත් ස්ත්‍රීන් බිහිවන පිහිටීම්ද ජ්‍යොතිෂවේදීන්ට පහසුවෙන් හඳුනාගත හැකිය. වාසනාවන්ත විවාහයක් හිමි පිහිටීම් ගණනාවකි. ඒ මෙසේය.

 1. පාප දෘෂ්ටි වලින් තොර සුභ ග්‍රහයෙකු ලග්නගත වීම.

 2. 5 වැන්නේ ගුරු ශුක්‍ර සංයෝගය පිහිටීම.

 3. පුර පාර්ශවයේ ඉපදී 7 වැන්නේ බුධ ශුක්‍ර යෝගවී සිටීම.

 4. 7 වැන්න කටකය වී ගුරු ග්‍රහයා එහි සිටීම

 5. 7 වැන්නේ සඳු බුද සංයෝග වීම හා ඊට ශුභ දෘෂ්ටි ලැබීම.

 6. ලග්නයේ ගුරුත් 7 වැන්නේ සඳුත් 10 වැන්නේ සිකුරුත් පිහිටීම.

 7. ලග්නයේ හෝ 4 වැන්නේ බලවත් සඳු, බුධ, ගුරු, සිකුරු සිටීම.

 8. ලග්නාධිපති හා 7 වැන්නාධිපති 7 වැන්නේ සිටිමින් ගුරු හෝ සඳුගේ දෘෂ්ටියට ලක්වීම.

 9. ගුරුගේ දෘෂ්ටියට ලක්වන 7 වැන්නේ බුධ ශුක්‍ර සංයෝගය තිබීම සමඟම 11 වැන්නේ සඳු පිහිටීම.

 කරුණු කාරණා කෙසේ වෙතත් විවාහයක් සඳහා පොරොන්දම් පරීක්‍ෂාවේදී විසි පොරොන්දම් ප්‍රතිශතය 75% ඉක්මවා ගැලපුනද අෂ්ඨ කැටය ඉතා යහපත් මට්ටමක තිබුනද සුදර්ශන චක්‍රය පවා හොඳින් ගැලපුනද ස්ත්‍රී කේන්ද්‍රයට පුරුෂ කේන්ද්‍රයේ ගැලපීම කෙසේද යන්න විමර්ශනාත්මකව බැලිය යුතුමය. එහිදී විවාහ දෝෂ කෙරෙහිද ඒවා භංගවන ආකාර කෙරෙහිද විශේෂ අවධානය යොමුකළ යුතුය. එවිට ඉතාම සාර්ථක, වාසනාවන්ත, ප්‍රීතිමත් යුග දිවියක් හිමිකරගත හැක. ඔබත් ඉහත කරුණු කාරණා සැලකිල්ලට ගෙන රූපය, අඟපසඟ, සිනහව, කථාව වැනි දෑට වශී නොවී ස්ත්‍රීන්ට මිල කළ නොහැකි ආභරණ බඳු වූ නිහතමානීකම, කීකරුකම, සරල චාම්බව, කරුණාවන්තකම, ගුණගරුකභාවය, දැහැමි බව වැනි උතුම් ගුණයන්ගෙන් හෙබි ලඳක් ඔබගේ අනාගත භාර්යාව ලෙස තෝරාගන්න. එවිට ඔබගේ ඉදිරි අනාගත ජීවිතය ඉතාම සාර්ථක ප්‍රීතිමත් සැපත සතුට උතුරා යන සෞභාග්‍යමත් එකක් වනු නියතය.

ගුණවත් වාසනාවන්ත පංච කල්‍යාණියක් ජන්ම පත්‍රය තුළින් හඳුනාගනිමු

ජ්‍යොතිෂ්‍යවේදී, දේශබන්දු
 ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
 පානදුර
 දු.අංකය 0774 126 023

advertistmentadvertistment
advertistmentadvertistment