ගුප්ත ශාස්ත්‍රය නිසැකව පිහිටයි – අත්ලේ රේඛා මෙය පවසයි

1109

අර්ථවත් හා තෘප්තිමත් ජීවිතයක් ගෙවීමට මග විවර කරන ජ්‍යොතිෂය, ආයුර්වේදය, ගුප්ත විද්‍යාව, වාස්තු විද්‍යාව, හස්තරේඛා ශාස්ත්‍රය වැනි ශාස්ත්‍රීය විෂයන් සැමටම ග්‍රහණය කරගත නොහැක.

කේන්දර සටහනකින් හෝ හස්ත හස්තරේඛා පරීක්ෂාවකින් රැකියාව පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකියාව ඇත. ගුප්ත ශාස්ත්‍රයන් හැදෑරීමට සූදානම් වන බොහෝ අයට ඇති ගැටලුවක් වන්නේ මෙම විෂයන් ග්‍රහණය කරගත හැකිවේද යන්නයි. ඉතා නිවැරදිව හස්ත රේඛා තුළින් ජ්‍යොතිර්වේදීයකු වීමට හැකි දැයි පරීක්ෂා කරන ආකාරය විමසා බලමු.

ඉහත රූපයෙ සලකුණෙන් දක්වා තිබෙන්නේ ශීර්ෂ රේඛාවයි. මෙම රේඛාවෙන් පුද්ගලයකු සිතන ආකාරය, ලෝකය දකින ආකාරය, රුචි අරුචිකම්, ආකල්ප සිතුවිලි සහ බුද්ධිය මෙහෙයවන ආකාරය පෙන්වයි. යමෙකුගේ අතරෙහි පැහැදිලිව පිරිසිදුව බාධා රහිතව තරමක් චන්ද්‍ර මණ්ඩලයට (රූපසටහනේ M අකුරින් දක්වා ඇති මණ්ඩලය) බෑවුම්ව ගමන් කරයි නම් එම පුද්ගලයාට පැහැදිලි වේගවත් ක්‍රියාකාරී සිතීමේ හැකියාවක් ඇත. දිගු කලක් යමක් ධාරණය කරගැනීමේ ශක්තිය ඇත. ඉගෙනීමට හා යමක් අවබෝධ කර ගැනීමට දක්ෂය. ගුප්ත ශාස්ත්‍රයක් අවබෝධ කරගැනීමට මනා සංයමයක් තිබිය යුතුය. මේ ආකාරයට ප්‍රබල ශීර්ෂ රේඛාවක් පිහිටා ඇත්නම් ශාස්ත්‍රීය විෂයන් උගත හැකි වේ.

ගුප්ත ශාස්ත්‍රය නිසැකව පිහිටයි  - අත්ලේ රේඛා මෙය පවසයි

ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමට බලපාන ප්‍රධාන සලකුණුවලින් එකකි ගුප්ත කතිරය. මෙය රූපසටහනේ B සලකුණෙන් දක්වා ඇත. මෙය ශීර්ෂ රේඛාව කිට්ටුව ඇති විට ගුප්ත ශාස්ත්‍රය ශාස්ත්‍ර ඉගෙනීමට දක්ෂතාවය ඇති වේ.

පුද්ගලයකු තුළ ඇති මනුෂ්‍යත්වය, ගුණධර්ම වැනි මානුෂික හැඟීම් පිළිබඳව හෘද රේඛාවෙන් පෙන්නුම් කරයි. C සළකුණෙන් එය දක්වා ඇත. ගුරුමණ්ඩලයේ දී (ගුරු මණ්ඩලය D සලකුණෙන් දක්වා ඇත.) හෘද රේඛාව කරුවකින් අවසන් වේ නම් අනුන්ගෙන් කාරුණික සහය ලැබේ. දක්ෂ හසුරු කෞශල්‍යයන් ඇත. ගුප්ත කටයුතු කරගෙන යෑමට එය ඉවහල් වේ.
D සළකුණෙන් දක්වා ඇති මණ්ඩලය ගුරු හෙවත් බ්‍රහස්පති මණ්ඩලයයි. ධාර්මික බව, මනුෂ්‍ය ගතිගුණ, ආත්ම විශ්වාසය, යුක්තිගරුක සත්‍යවාදී බව, ඉගෙනීමට දක්ෂ, රාජ්‍ය සම්මාන හිමිකර ගත හැකි ශාස්ත්‍ර නිපුනයකු වීමට නම් ගුරු ගුරුමණ්ඩලය හොඳින් මනාව වැඩී තිබිය යුතුය. ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන්ගේ සහ හස්ත රේඛා,ගුප්ත විද්‍යා ආචාර්යවරුන්ගේ මෙම මණ්ඩලය හොඳින් පිහිටා ඇත.

පැරැණි පොත්පත්වල සඳහන් වී ඇති පරිදි E සලකුණෙන් දක්වා ඇත්තේ ශාස්ත්‍රීය රේඛාවන් ය. G සලකුණෙන් දක්වා ඇත්තේ බුධ මණ්ඩලයේ ඇති ත්‍රිකෝණ පිහිටීමයි. බුධ මණ්ඩලය මධ්‍යස්ථව හොඳින් වැඩී මෙම රේඛා සහ ත්‍රිකෝණ පිහිටීම ජ්‍යොතිෂය ප්‍රිය කරන්නන් ගේ ඇත. දැනට වෘත්තීය වශයෙන් ජ්‍යොතිෂ කටයුතුවල නියැළෙන්නන්ගේ ද මෙම සලකුණු හොඳින් සටහන් වී ඇත.

F සලකුණින් දක්වා ඇත්තේ පර හිත් දර්ශන රේඛාවයි. මෙය මනාව පිහිටා ඇත්නම් ගුප්ත විද්‍යාව හැදෑරීමට සහ ප්‍රායෝගිකව කටයුතු කිරීමට හැක. පේන කියන අයගේ ද දේවාලවල කපු මහතුන්ගේ ද ඇතැම් ශාස්ත්‍රවන්තයන් ගේ ද මෙම රේඛාව පිහිටා ඇත. ඇතැම් ගුප්ත වේදීන්ගේ පර හිත් දර්ශන රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වී බුධ මණ්ඩලයෙන් අවසන් වේ. ඇතැම් අයගේ කුජ මණ්ඩලයෙන් ආරම්භ වී හෘද රේඛාවට පහළින් අවසන් වේ.

රූප සටහනේ H සළකුණෙන් දක්වා ඇත්තේ මහපට ඇඟිල්ලේ මැද පුරුකයි. සිතීමේ ශක්තිය, අධිෂ්ඨානය, යමක් අවබෝධ කර ගැනීමේ හැකියාව වැනි කරුණු මේ නියෝජනය කරයි. ජ්‍යොතිශය හස්ත රේඛා ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමේදී හා කටයුතු කිරීමේදී මනා විනිවිද පෙනෙන නුවණක් අවශ්‍ය වේ. තර්කානුකූලව සිතීමට හොඳින් වැඩුණු මහපට ඇඟිල්ල හා පළමු, දෙවැනි පුරුක් සමාන දිගකින් යුක්ත වීම යහපත් වේ. මහපට ඇඟිල්ලේ දෙවෙනි පුරුකේ ත්‍රිකෝණ සලකුණ පිහිටා ඇත්නම් ගැඹුරු විද්‍යාත්මක හා දාර්ශනික අදහස් දරන්නෙක් වේ.

සුලඟිල්ල වෙදඟිල්ලේ අග පුරුකට ඉහළින් පිහිටා තිබී එහි නිය පුරුකේ රවුම් සුළි සලකුණක් ද ත්‍රිකෝණයක් හෝ සිරස් රේඛා තුනක් පිහිටීම ගුප්ත විද්‍යාව ඉගෙනීමට අවශ්‍ය පිහිටීමකි. රූපසටහනේ I, J, K, L සලකුණුවලින් දක්වා ඇත.

N සලකුණෙන් දක්වා ඇත්තේ දබර ඇඟිල්ලේ නිය පුරුකයි. එහි ත්‍රිකෝණ සලකුණක් පිහිටා තිබීම ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමේ ආසාව ඇති කරයි.

O සලකුණෙන් දක්වා ඇත්තේ ශනී හෙවත් සෙනසුරු මණ්ඩලයයි. ශනි ජ්‍යොතිෂය ප්‍රිය කරන ග්‍රහයෙකි. අනෙකුත් ග්‍රහ පිහිටීම් සමග ශනි මණ්ඩලය හොඳින් යහපත්ව පිහිටීම ශාස්ත්‍රීය විෂයන් ග්‍රහණයට අත්‍යවශ්‍ය පිහිටීමකි.

හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව යම් කෙනකුට ජ්‍යොතිෂය හෝ හස්ත රේඛා, ගුප්ත විද්‍යාවන් තුළ ප්‍රවීණයකු වීමට ඉහත සලකුණු වලින් අවම තුනක්වත් පිහිටා තිබිය යුතුය. ඔබට මෙවැනි පිහිටීම් ඇත්නම් ඉහත කී ගුප්ත ශාස්ත්‍රයන් තුළ නිපුණයකු වීමට හැකියාව ඇත.

ගුප්ත ශාස්ත්‍රය නිසැකව පිහිටයි  - අත්ලේ රේඛා මෙය පවසයි

ජ්‍යෝතීර්විද්‍යා ප්‍රභාශ්වර,
ශාස්ත්‍රශූරි, මනෝවිද්‍යා උපදේශිකා
නයෝමි පබසරා මැණිකේ
දු. අංකය 0772279138

advertistmentadvertistment
advertistmentadvertistment