ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ අභාවප‍්‍රාප්ත වෙයි

2202

ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ මහතා අභාවප‍්‍රාප්ත විය.

ඊයේ 06 වනදා කොළඹ පුද්ගලික රෝහලකදී ගුරුගේ මහතා මියයන විට 86 වන වියෙහි පසුවිය. ඔහු දු දරුවන් හත් දෙනෙකුගේ පියෙකි. මෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙස ජිනදාස ගුරුගේ මහතා සැලකේ. මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස දුප්පතුන්ට මුදල් බෙදාදීම ආරම්භ කළේද ගුරුගේ මහතායි. ඔහු ප‍්‍රකට සමාජ සේවකයෙකි. විහාරස්ථාන

ගණනාවක්ද ගුරුගේ මහතා විසින් ගොඩ නගා තිබේ. අවසන් කටයුතු අද 07 වනදා සිදු කිරීමට නියමිතය.

කහවත්ත සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment