ගුරුවරියෝ සාය-ගවුම් ඇද පාසල් එති

576

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගුරුවරියන් සාරි අතහැර ගවුම්, සාය, හැට්ට, කුර්තා ආදී පහසු ඇඳුම් ඇඳ ඊයේ (21 වැනිදා) පාසල් වෙත පැමිණි බව ගුරු සංගම් සඳහන් කරයි.

දිවයිනේ ප්‍රදේශ රැසක පාසල්වල ගුරුවරියන් මෙලෙස සාරිය අතහැර පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණ ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන 05/2022 දරන චක්‍රලේඛයට අනුවය.

එම චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමින් සැරසී සේවයට පැමිණිය හැකිය. එම චක්‍රලේඛයේ අදාළ වගන්තිය අනුව ගුරුවරුන් පහසු ඇඳුමින් පාසල්වල ඉගැන්වීමට ඒමේ වරදක් නැතැයිද ගුරු සංගම් නියෝජිතයෝ පැවසූහ.

පාසල් ගුරුවරියන් සාරි වෙනුවට ගවුම් හා වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් පැමිණීමට සූදානම් වීම නිසා ඉකුත් දිනවල රට තුළ මහත් සංවාදයක් ඇතිවී තිබිණි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාද කියා සිටියේ පහසු ඇඳුමින් ගුරුවරියන් පාසල් ආවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛයට අනුකූලව බවයි.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment