ගුරුවරුන් – සිසුන්  ඊයේ පාසල් පැමිණීමේ අඩුවක්

219

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ඊයේ  (6 දා) ආරම්භ වුවද ආර්ථික හා ප්‍රවාහන පහසුකම් ගැටලු තත්ත්වය හමුවේ පාසල් සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීමේ යම් අඩුවක් වාර්තා වූ බව අධ්‍යාපන වෘත්තීය සමිති පවසයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් ධාවනය අඩු කිරීමට පෞද්ගලික බස්රථ හිමියන් තීරණය කිරීම නිසා සිසුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල දැඩි අපහසුතාවකට පත්වූ බවද පැවසේ. ඉන්ධන මිල ඉහළ යෑම නිසා පාසල් වෑන්රථ ගාස්තු ද සියයට 40කින් ඉහළ දමන බව පාසල් සිසුන් ප්‍රවාහන සංගම් සභාපති රුවන් ප්‍රසාද් මහතා විසින් ප්‍රකාශ කර තිබීම ද සිසුන්ට පාසල් පැමිණීමට බාධාවක් වී තිබිණි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම, පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම ඇතුළු ගැටලු රැසකට දෙමාපියන් මුහුණදී සිටින නිසා දරුවන් අධ්‍යාපනයට යොමු කිරීමට තිබෙන මුදල් සීමාවීමෙන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද අධ්‍යාපන වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. පාසල් පද්ධතිය රැකගැනීමට අවශ්‍ය නම් බලධාරීන් බස්රථ, පාසල් වෑන්රථ සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදිය යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment