ගුරුවරු අද හෙට නැහැ – ඉබි යතුරු කැඩුවොත් උසාවි යනවා – ස්ටාර්ලින් කියයි

881

පාසල් නැවත අද (21 දා) ආරම්භ කරනු ලැබුවත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද සහ හෙට පාසල්වලට නොපැමිණෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලබන සඳුදා (25 දා) සිට සේවයට වාර්තා කළ ද දිවයින පුරාම එදින සවස විරෝධතා දැක්වීමට කටයුතු කරන බවත් ඒ මහතා කීවේය.

රජයේ විවිධ මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරයකු, ගුරු විදුහල්පතිවරුන්ට විවිධ තර්ජන කරමින් සිටින බවත් ඒවාට බිය නොවන බවත් කී ස්ටාලින් මහතා යම්කිසි පාර්ශ්වයක් විසින් ඉබි යතුරු කඩා පාසල් විවෘත කිරීමට කටයුතු කළහොත් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment