ගුරුවරු වර්ජනය කළත් දරුවන් වෙනුවෙන් මං කැපවෙනවා – අධ්‍යාපන ලේකම්

211

අධ්‍යාපන ලේකම්වරයා හැටියට මට සිදුවෙනවා ඔක්තෝබර් මාසයේ ඉඳලා පාසල් පවත්වාගෙන යන්න. වෘත්තීය සමිති ඒ ගොල්ලන්ගේ භූමිකාව කරගෙන යාවි. මගේ භූමිකාව පාසල් දරුවෝ වෙනුවෙන් කැපවීමයි. මට දරුවන් අසරණ කරන්න බැහැ යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවැසීය.

මේ සඳහා සියලූම ගුරුවරුන්ගේ සහයෝගය තමා බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේද කියා සිටියේය.

ලබන ඔක්තෝම්බර් මාසය අවසන් වීමට පෙර පාසල් විවෘත කිරීම පිළිබඳව විශ්වාසයක් තබන්න පුළුවන්. මම ඒ ගැන සුබවාදීව හිතනවා. එහෙම පටන් ගත්තොත් දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩු දීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

ඔක්තෝබර් 01 වැනිදා ලෝක ළමා දිනය. ඔක්තෝබර් 06 වැනිදා ගුරු දිනය. පාසලට එන්න කියා සියලූම ගුරුවරුන්ට ආරාධනා කරනවා.

මේ අය වැඩවර්ජන භූමිකාවක නිරත වෙනවා. අධ්‍යාපන ලේකම්වරයා විදිහට මගේ භූමිකාව කරගෙන යනවා. දරුවන් වෙනුවෙන් මම කැපවෙනවා. දරුවන්ව අසරණ කරන්න බැහැ. ඒ අය කරන වැඩවර්ජනවලට මම ප‍්‍රතිචාර දක්වන්නේ නැහැ.

කොහොම වුණත් මේ වැඩවර්ජනවලට අකමැති ගුරුවරුන් ප‍්‍රමාණය අතිවිශාලයි. ඒ අය දරුවන්ට උගන්වන්න පාසලට එයි කියලා විශ්වාස කරනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment