ගුරු උද්ඝෝෂණයක් අතරතුර ගුරුවරියක් මියයි

562


මාතර කොටපොළ ජාතික පාසල ඉදිරිපිට අද සංවිධානය කර තිබූ ගුරු උද්ඝෝෂණයක් අතරතුර දී ගුරුවරියක් හදිසියේ අසනීප වී රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ දෙණියාය මධ්‍ය මහ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කළ 27 හැවිරිදි ගුරුවරියකි.ඇය මීට පෙර හෘද සැත්කමකට මුහුණ දී ඇති අතර දෙණියාය මුලික රෝහලේ මාසික සායනයට ද සහභාගී වන අයෙකි.
ඇදවැටීමෙන් අනතුරුව දෙණියාය මුලික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සිට පාගමනින් ගැටබරු විහාරය දක්වා ගොස් නැවත කොටපොළ ජාතික පාසල දෙසට පැමිණෙමින් තිබිය දී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment