ගුරු කුම්භයට… ලග්න පහකට සුබම සුබයි

3900

මාස පහකට පසු ජනතාවට සහන….

හෙට අනිද්දා වෙනකොට මොනව වෙයිද මන්ද? මේ තමා අද බොහෝ දෙනෙකුට තියෙන ප‍්‍රශ්නේ. බඩු මිල ඉහළ යෑම, කොවිඞ් වසංගතය, උවමනාම බඩු හිඟවීම, පෝලීම් වගේ ප‍්‍රශ්න හැම තැනම පවතින බව රහසක් නෙවෙයි. මේ ප‍්‍රශ්නත් එක්ක බැඳිල තියෙන ග‍්‍රහ බලය මොකක්ද? සැනසිලිදායක බවක් ලැබෙයිද කියලයි අපි ජ්‍යෝතිෂයට අනුව බලන්නේ. මේ ලිපිය ඒ ගැනයි.

සතුට, ධනය, මුතු මැණික්, ධන වතුන්, බැංකු වගේ දේවල්වලට අධිපති ගුරු ග‍්‍රහය පසුගිය සැප්තැම්බර් 14 වැනිදා ඉඳලා මකර රාශියේ නීච වුණා. ශී‍්‍ර ලංකාව හිමි කුම්භ ලග්නයට අධිපති ශනිත් ගුරු සමග ලග්නයෙන් දොළහේ දුර්වලව ගමන් කරන්න පටන්ගත්ත. ජනතාවට මේ ගැටලූ වැඩියෙන් දැනුණා. ඇත්තටම 2020 මාර්තු 30-2021 අපේ‍්‍රල් 6 අතරෙත් මේ විදිහටම ගුරු නීචව

ගමන් කළා. ලංකා කේන්ද්‍රයේ එකොළහට සහ දෙකට අධිපති ගුරු නීචවීම රටේ ආදායම්වලට ඉතා නරක විදිහට බලපෑවා. ගුරු ග‍්‍රහයාගෙන් සංකේතවත් වන ගුරුවරු, වෛiවරු, වගේ අයටත් මේ නිසා පාලක පක්‍ෂයටත්, බරපතළ ගැටලූ ඇති වුණා. දැන් ලබන විසිවැනිදා රාති‍්‍ර 11.33 ට ගුරු ග‍්‍රහයා මේ නීච තත්ත්වයෙන් මිදිල කුම්භ රාශි ගත වෙනවා.

මේ තත්ත්වයෙන් යම් තරමක සහනයක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවනි. ගුරුවරුන්ගේ

ගැටලූවට, සෞඛ්‍ය අංශවල දියුණුවට තරමක විසඳුම් ලැබෙයි. මේ ග‍්‍රහ මාරුව හරියට අව්වට වේලි වේලී, වැස්සට තෙමි තෙමී ඉන්න කෙනෙකුට බස්හෝල්ට් එකක් හම්බ වුණා වගෙයි. හැබැයි ගෙදර නෙවෙයි. ඒ කියන්නේ සම්පූර්ණ සුබ ඵල ලැබෙන එකක් නෑ. ලග්නපති ශනි දුර්වලයි. සැලකිය යුතු සුබ ඵල ලැබෙන්න තව මාස හයක් විතර ගත වෙනවා. 2022 අපේ‍්‍රල් අග වෙනවා.

ගුරු මාරුව අපේ ලග්නවලට කොහොමද කියල ඔබ හිතනවා ඇති. කොහොමත් ගුරු නීචයෙන් මිදෙන නිසා ලග්න ඔක්කොටම තරමක සහනදායක බවක් ඇතිවෙයි. ලග්න පහකට විශේෂයෙන්ම සුබ බව පේනවා. අසුබ පල අඩුකරගන්නත්, සුබපල වැඩිකර ගන්නත් ඒ ඒ ලග්න අනුව කළයුතු වත් පිළිවෙත් තියෙනවා. අපි බලමු මේ ගුරු මාරුව ඔබ උපන් ලග්නයට බලපාන්නෙ කොහොමද කියල.

මේෂ

රශි චක‍්‍රයේ පළවෙනිම රාශිය වන මේෂ ලග්නයෙන් උපන් ඔබට නම් ගුරු මාරුව සුබපලදායකයි. යහපත් මිතුරු මිතුරියන් එක්ක සතුටුවෙන්න අවස්ථා උදාවෙයි. අලූත් යාලූවොත් හඳුනගන්න ලැබෙයි. ආදායම් තත්ත්වය ඉහළ යයි. සහෝදරයකුට සුබදායකයි. මේ අතරෙ දෙසැම්බර් 15 දක්වා ඌෂ්ණාධික රෝග වලින් ප‍්‍රවේශම් වෙන්න. රවි දුර්වලව ගමන්කරන නිසා අපල දුරුවෙන්න ආලෝක පූජාවක් කරන්න. සූරිය පිරිත, නැත්නම් මෝර පිරිත දිනපතා කියන්න. ලබන අවුරුද්දෙ අපේ‍්‍රල් දක්වා සුබ කටයුතු ආරම්භ කරන්න හොඳ නැකත් යෙදෙනවා. සැලසුම් කරගන්න.

වෘෂභ

සිකුරු ග‍්‍රහයාට හිමි වෘෂභ ලග්නය ඔබේ ලග්නය නම් ගුරු මාරුව මිශ‍්‍රඵලදායකයි. ටිකක් වැඩ අධික අවිවේකී තත්ත්වයක් ඇතිවෙන්න පුලූවනි. මේ දවස්වල වැදගත් තීරණ ගන්නකොට ගැලපෙන කෙනෙකුගෙන් උපදෙස් ගන්න අමතක කරන්න එපා. උවමනාවට වඩා විනෝදයට බරවීමෙන් ඔබේ දියුණුවට බාධා ඇතිවෙන්න ඉඩ තියෙන බව මතක තියාගන්න. සිකුරු දශා ගතකරන අය විශේෂයි. සිකුරාදා දවස්වල උදේ හය, හත අතරේ මිශ‍්‍රපාට මල්, බෞද්ධකොඩි, හඳුන් තෙල් පහන් සහිතව බෝධිපූජා තියල සෙත්පතා ගන්න. අපල දුරුවෙයි.

මිථුන

ඔබේ ලග්නය මිථුන නම් මේ ගුරු මාරුව ඔබට සුබපලදායකයි. පසුගිය දවස්වල තිබුණ කරදර වලින් තරමක් නිදහසක් ලැබෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනීම් කටයුතු වලට තිබුණ බාධා ඉවත්වෙයි. අසනීපයක් තිබුණ නම් සුව අතට හැරෙයි. උත්සාහය ධෛර්යය වැඩිවෙයි. උසස් අයගේ, නීතියේ පිහිට ලැබෙන බවත් පේනවා. අඹු – සැමි සමගිය ඇතිවෙයි. මෙහෙම වුණත් සෙනසුරු තවමත් අටවැන්නේ ගමන්කරන නිසා ශරීර සනීපය රැකගන්න අමතක කරන්න එපා. සෙම් රෝග වලින් ප‍්‍රවේශම් වෙන්න. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිතා කරන්න. මෙත් වඩන්න. නිල් කලූපාට අත්හරින්න.

කටක

සඳු හිමි කටක ලග්නයෙන් උපන් අයගේ ලග්නයෙන් අටවැන්නට ගුරු මාරු වෙනවා. මේ නිසා අධික ලෙස අවිවේකය ඇතිවෙන්න පුළුවනි. කලට වෙලාවට ආහාර ගැනීම, නින්ද පවා අහිමිවෙන්න පුළුවනි. මේ නිසා ශරීර සුවතාවය ගැන සැලකිලිමත් වෙන්න. ඒ වුණත් තදබල අපල ඇතිවෙන්නේ නෑ. ගුරු අටවැන්නේ ගමන් කරන කාලය කටක ලග්න හිමියන්ට සුබපල වුණත් උදාකරන්න පුලූවනි. බ‍්‍රහස්පතින්දා දිනවල උදේ හය – හත අතර කහපාට මල්, කහපාට කොඩි, තැඹිලි තෙල් පහන් සහිතව බෝධි පූජා තියල සෙත්පතා ගන්න. ධජග්ග සූත‍්‍රය භාවිතා කරන්න.

සිංහ

රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ඔබට නම් මේ ගුරු මාරුව සුබපල දායකයි. ඔබ තවමත් අවිවාහක නම් මංගල යෝජනා ස්ථිර වෙයි. සුදුසු සහකාරයෙක් ලැබෙයි. පෙම් සබඳතා ඇතිවෙයි. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබෙයි. දැනටමත් ඔබ විවාහක නම් බිරිඳ හෝ සැමියාට සුබයි. පවුලේ සමගිය ඇතිවෙයි. හැබැයි දෙසැම්බර් 5 දක්වා සුළු බාධා තියෙනවා. ඉක්මන් කෝපය පාලනය කරගන්න. ඔබටත් අඟහරුවාදා දවස් වල උදේ 6-7 අතර බුද්ධ පූජා බෝධිපූජා තියල කතරගම දෙවියන්ට බාරවෙන්න. පුළුවන් නම් ලේ දන්දෙන්න. ‘අන්තරාය නිවාරණ පිරිත’ භාවිතා කරන්න.

කන්‍යා

ගුරු මාරුව කන්‍යා ලග්න හිමියන්ට මිශ‍්‍රපලදායක බව පේනවා. ලග්නයෙන් හයවැන්නට ගුරු මාරුවීම නිසා ඔබටත් ටිකක් අවිවේකී වෙයි. ශරීර සුවතාවය ගැන සැලකිලිමත් වෙන්න. සේවක සේවිකාවන්ගේ උදව් ලැබෙන නිසා රැකියා ව්‍යාපාර සාර්ථක කරගන්න අමාරු නැහැ. මේ දිනවල සිකුරු හතරේත් රවි තුනේත් ගමන් කරන නිසා උත්සාහය උනන්දුව ඉහළ යන බවත් පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගතකරන්න පුළුවන් බවත් පේනවා. ඔබට සුබපල උදාකරගන්න බ‍්‍රහස්පතින්දා දිනවල උදේ 6-7 අතරෙ කහමල්, කහකොඩි සහිත බෝධිපූජාවක් තියල සෙත්පතාගන්න. ධජග්ග සූත‍්‍රය භාවිතා කරල ටික වේලාවක් මෙත්වඩන්න.

තුලා

සිකුරු ග‍්‍රහයා අධිපති වෙන තුලා ලග්නය ඔබේ ලග්නය නම් මේ ගුරු මාරුව ඔබට සුබපලදායකයි. පස්වැන්නෙන් කියන දේවල් සාර්ථක වෙයි. ඒ කියන්නෙ ඉගෙනීම, විභාග වගේ දේවල්. අධ්‍යාපනයට තිබුණු බාධා ඉවත් වේවි. ඔබ දැනටමත් විවාහක නම් දරුවො ගැන හිතල සතුටුවෙන්න පුළුවන් වෙයි. දරුඵල ගැන බලාපොරොත්තුවක් තිබුණ නම් ඒ ප‍්‍රාර්ථනාව ඉටුවෙයි. පෙම් සබඳතා නැත්නම් විවාහ යෝජනා ස්ථිර වෙයි. රාහු දශා ගතකරන අයට ටිකක් බාධා තියෙනවා. බදාදා උදේ 6-7 අතරෙ බෝධි පූජා තියන්න. වැටකේ මල්, නිල්මල් පූජාකරලා චන්ද පිරිත කියන්න. උපදෙස් මත වැදගත් තීරණ ගන්න.

වෘශ්චික

කුජ ග‍්‍රහයාට හිමි වෘශ්චික ලග්නය ඔබේ ලග්නය නම් ඔබට ගුරු මාරුව මිශ‍්‍රපලදායක බව පේනවා. දැනට කුජ දොළහේ ගමන්කරන නිසා ශරීර සෞඛ්‍ය ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න. අතීතයේදී ගනුලැබූ සමහර තීරණ ගැන පසුතැවිල්ලක් ඇතිවෙන්න පුළුවනි. ඒක සතුටට බාධාවක්. මේ නිසා හොඳම දේ අතීතය අමතක කර දැමීමයි. වර්තමානයට හිත යොමුකරන්න. ගෘහ ජීවිතය සාමකාමීව ගතවෙයි. සඳුදා දිනවල උදේ 6-7 නැත්නම් රාත‍්‍රී 8-9 අතරෙ සුදුමල් සහිත බෝධිපූජා තියල පත්තිනි මෑණියන්ට පින්දීල සෙත්පතා ගන්න. අපල දුරුවෙලා සුබපල උදාවෙයි.

ධනු

ධනු ලග්නය ඔබේ ලග්නය නම් ලග්නපති වන්නේත් ගුරු නිසා ගුරු මාරුව සිදුවන්නේ ඔබේ ලග්නයෙන් තුන්වැන්නටයි. දැනට රවි දොළහේ ගමන් කරනවා. මේ නිසා ධනු ලග්න හිමියන්ට වාසනාව, ගැන හිතනවට වඩා උත්සාහය ධෛර්යය ගැන හිතල වැඩ කරන එක තමයි හොඳ. උසස් අයත් එක්ක වැඩකරන කොට ටිකක් කල්පනාකාරී වෙන්න. නීතිමය ගැටලූ වලට මැදිහත් වෙන්න එපා. ඔබටත් ඉදිරි මාස පහක විතර කාලය අවිවේකී වෙන්න පුළුවනි. සෞඛ්‍ය රැකගන්න උන්දු වෙන්න. බ‍්‍රහස්පතින්දා උදේ 6-7 අතරෙ ඖෂධ පූජාවක් කරල දෙවියන්ට පින්දෙන්න. අන්තරාය නිවාරණ පිරිත භාවිතා කරන්න.

මකර

සුබපලදායක කාලයක් මකර ලග්න හිමියන්ට නම් උදාවෙනවා. ආදායම් තත්ත්වය ඉහළ යයි. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. දරුවො ගැන හිතල සතුටුවෙන්න පුළුවන් වෙයි. වියදම් පාලනය කරගන්න හැකිවෙන බව පේනවා. උත්සාහය, උනන්දුව ධෛර්ය නොඅඩුව පවතින නිසා බාධා ජයගන්න තරම් ශක්තිය තියෙනවා. රැකියා, ව්‍යාපාර වලින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඔබ තවම ශිෂ්‍යයෙක් නම් විනෝදාංශ පාලනය කරගන්න. ඉගෙනීම සාර්ථක කරගන්න පුළුවන් වෙයි. සිල්වත් ස්වාමීන් වහන්සේලා හතර නමකට දහම් පඬුරු පූජාවක් කරන්න. බදාදා දිනය සුබදායකයි.

කුම්භ – කුම්භ ලග්න හිමියන්ගේ ලග්නයට ගුරු මාරුවීම නිසා පෙරට වඩා සුබදායක බවක් බලාපොරොත්තු වෙන්න පුළුවනි. පසුගිය දිනවල තිබුණු වියදම් අධිකවීමට තරමක් සහනදායක විසදුම් ලැබෙයි. අසනීප තිබුණ නම් ඒවා සුවඅතට හැරෙයි. අධ්‍යාපන කටයුතු වලට තිබුණ බාධා ඉවත් වෙයි. දරුවන්ට සුබයි. ඒත් ඔබේ ලග්නපති ශනි ඒරාෂ්ඨකව ගමන්කරන නිසා ශරීර සුවතාවය ගැන සැලකිලිමත් වෙන්න. කොලෙස්ටරෝල්, සීනි වගේ රෝග තියෙනව නම් වෛi උපදෙස් පිළිපදින්න අමතක කරන්න එපා. සෙනසුරාදා උදේ 6-7 නැත්නම් රාත‍්‍රී 8-9 අතරෙ නිල්මල් සහිතව බෝධිපූජා තියල ශ‍්‍රී විෂ්ණු දෙවියන්ට භාරවෙන්න.

මීන

රාශි චක‍්‍රයේ අවසන් රාශිය වන මීන ලග්නය ඔබේ ලග්නය නම් ගුරු මාරුවෙන්නේ ඔබේ ලග්නයෙන් දොළොස්වැන්නට. මේ නිසා තරමක බාධා ඇතිවෙන්න පුළුවනි. රැකියා හෝ ව්‍යාපාර අංශ වල යම් යම් කරදර වගේම කොලස්ටරෝල් රුධිරගත සීනි වැනි අසනීප තියෙනවානම් ඒව ගැන වැඩිපුරම සැලකිලිමත් වෙන්න. කොහොමත් මුල්මාස දෙක නම් බලවත්ව රවි ගමන්කරන නිසා බලාපොරොත්තු ඉටුකරගන්න අපහසු වෙන එකක් නෑ. මේදය සහ සීනි අධික ආහාර අඩුකරන්න. බ‍්‍රහස්පතින්දා දිනවල උදේ 6-7 අතර ඖෂධ පූජාවන් කරන්න. ප‍්‍රදේශාධිපති දෙවියන්ට භාරවෙන්න. ධජග්ග සූත‍්‍රය භාවිතා කරන්න. විශේෂ සුබ කටයුතු ලබන මැයි මාසය තෙක් කල්දැමීම හොඳයි. නැත්නම් ශුභ නැකත් අනුගමනය කරන්න.

කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment