ගුරු ගැටලූවේ දැන් සීමාව පැනලා – වනවාසී රාහුල හිමි

281

ගුරු ගැටලූව තව දුරටත් ඇදගෙන නොගොස් දෙපැත්තටම සාධාරණ විසඳුමක් ලැබිය යුතු බවත්, මේ විදියට දිගටම ගියහොත් සමස්ත ගුරු පරපුර කෙරෙහිම දරවැන් තුළ කලකිරීමක් ඇතිවීමට ඉඩ ඇති බවත් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසති.

 පාසල් ඇරඹූවිට පාසල් එන්නේ නැතැයි ගුරු සංගම් තර්ජන කරන ආකාරය මාධ්‍ය තුළින් දුටු බවත් එවන් ක‍්‍රියා ගුරුවරුන්ට කිසිසේත්ම ඔබින්නේ නැතැයිද උන් වහන්සේ පවසති.

 අධ්‍යාපනය ලැබීම සෑම ළමයෙකුගේම මූලික අයිතිවාසිකමක් බවත්, ඊට බාධාකරන අයට එරෙහිව දෙමව්පියන් මානව හිමිකම් කඩවීම ගැන නඩු පැවරිය යුතු බවත් වනවාසී රාහුල හිමියෝ පවසති.

 අවුරුදු දෙකක් පමණ නිවෙස්වලටම වී මානසික පීඩනයකට ලක්වූ දරුවන් තව දුරටත් මානසික පීඩනයකට ලක්කිරීම ජාතික අපරාධයක්. ඒ අපරාධයට හවුල් වෙන්න එපා කියලයි මම ගුරුවරුන්ගෙන් ඉල්ලනේ. රජය පැත්තෙනුත් යමක් වෙන්න තියෙනවානම් ඉටු කළ යුතුයි. නමුත් දරුවන්ට මේ පීඩනය දෙන්න එපා.

 දරුවන් අවුරුදු දෙකකට පස්සේ පාසල් එන්න හදන්නේ හරිම ආසාවකින්. ඒ ආ විට ගුරුවරු එන්නේ නැත්නම් ඇතිවන තත්ත්වය මොකක්ද. ඕනෑම ප‍්‍රශ්නයක් ඇදගෙන යන්න පුළුවන් දුරක් තිබෙනවා. දැන් ගුරු ගැටලූවේ ඒ සීමාව පැනලා ඉවරයි. නමුත් වෘත්තීය සමිතිවලින් ජීවත්වෙන අයට හි`ගන්නාගේ තුවාලය වගේ මේ ප‍්‍රශ්නය තවත් ඇදගෙන යන්නයි ඕනේ වෙලා තියෙන්නේ. මම නම් කියන්නේ පාසල් ආරම්භ කළ විට ගුරුවරු පාසල් නාවොත් දෙමව්පියන් මානව හිමිකම් කඩවීම යටතේ වහාම නඩු පවරන්න. එතකොට බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.

 මේ ප‍්‍රශ්නයේදී අපිත් මුලදී හිටියේ ගුරුවරුන්ගේ පැත්තේ. ඒත් පාසල් පටන් ගත්තත් උගන්වන්න එන්නේ නැහැ කියලා දරුවන් තවත් පීඩනයට පත්කරන්න සූදානම් බව දැනගත්තාම ඇත්තටම මටනම් ගුරුවරු ගැන කලකිරීමක් ඇතිවුණා.

 මේ තත්ත්වය සමනය කිරීමට ආණ්ඩුව වහා පියවර ගතයුතු වගේම දෙමව්පියන්ද අවදියෙන් සිට අධිකරණමය පියවරකට යෑම කාලෝචිතයි.

advertistmentadvertistment
advertistmentadvertistment