ගුරු ගැටලූ විසදන්න සිව් පුද්ගල කමිටුවක්

301

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා සියලූ පාර්ශ්ව සමඟ සාකච්ඡුා කිරීමට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (09 දා* පැවති කැබිනට් සාකච්ඡුාවේදී සිව් දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත.

කමිටුව සඳහා මහින්ද අමරවීර, ප‍්‍රසන්න රණතුංග, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් පත්කර ඇත. ඔවුන් වෘත්තීය සමිති නායකයන්, අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡුා කර එළැඹෙන අයවැයේදී විසඳුම් ලබාදීම සඳහා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස කැබිනට් මණ්ඩලය ඉල්ලා තිබේ.

වාර්තාව සකස් කිරීමේදී අධ්‍යාපන ඇමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා සමගද සාකච්ඡුා කිරීමට ද මෙහිදී තීරණය විය.

මීට අමතරව රටේ පැනනැ`ගී ඇති කිරිපිටි අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡුා කර ඇති කැබිනට් මණ්ඩලය කිරි පිටි ආනයන සමාගම්වලට සහ පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවන ලෙස රජය විසින් කිරිපිටි ආනයනය කිරීමේ දී පනවා තිබෙන බදු කිහිපයක් අඩු කිරීමට ද මෙහිදී සාකච්ඡුා කර තිබේ.

වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡුා කර තිබෙන අතර ලාෆ්

ගෑස් සිලින්ඩරය ලබාගෙන ලිට්රෝ සමාගම විසින් ගෑස් ලබාදීමට එකඟතාවය පළ කර තිබෙන බවද මෙහිදී සාකච්ඡුා වී ඇත.

කහ පාට ලාෆ් ගෑස් සිලින්ඩරය පාරිභෝගිකයන් විසින් මුදල් දී ලබාගෙන ඇති නිසා එය වෙනත් පාර්ශ්වයකට ලබාදී ගෑස් ලබා ගැනීම නීතිමය පැත්තෙන් එතරම් ගැටලූවක් නොවන බවද මෙහිදී සාකච්ඡුා වී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment