ගුරු දෙපිරිසක් ගැටී 14කට තුවාල

402


අක්මිමණ රුහුණු ජාතික අධ්‍යාපන පිඨයේ පුහුණුව ලබන ගුරුවරුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රි ඇතිවු ආරවුලකදි තුවාල ලැබු ගුරු සිසුන් 14ක් අද අලුයම කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි අක්මිමන පොලිසිය පවසයි.
අක්මිමණ කුරුඳුවත්තේ පිහිටි මෙම අධ්‍යාපන පිඨයේ පුහුණුව ලබන අවසන් වසරේ ගුරු සිසුන් පිරිසක් ඊයේ රාත්‍රී සාදයකට සහභාගිවී පැමිණ නේවාසිකාගරයට කඩා වැදි එහි සිටි දෙවන වසරේ ගුරු සිසුන් සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවත් එහිදි තුවාල ලැබු දෙවන වසරේ ගුරුවරුන් 14ක් මෙසේ රෝහල් ගත කර ඇති බවත් පොලිසිය පවසයි.
පහරදිම සඳහා හතළිහක පමණ ගුරු සිසු පිරිසක් පැමිණ ඇති අතර පහරදිමෙන් පසු සැකකාර ගුරු සිසුන් පිරිස පලාගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment