ගුරු දෙමාපිය දරු කැළ මඩ කුඹුරට බැස්සා නාඩු කිලෝ 2000ක්ම ගොඩට අරන් ආවා

455

මෙන්න බලව් තලාවේ ගුරු ගෝල වැඩ …
කිලෝව 80 ගානේ විකුණා මුදල් සංවර්ධන අරමුදලේ තැන්පත් කරයි
කාබනික පොහොරෙන් වගාකළ මඩතවාලු අස්වැන්න දරුවන්ගේ බඩගිනි නිවන්න පන්සලේ ගබඩා කරයි

තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ තලාව කොට්ඨාසයේ පිහිටි දුෂ්කර ග්‍රාමීය පාසලක් වූ අ/පහල තලාව විදුහල සතුව පුරන්ව තිබූ අක්කර 2.5 කුඹුරු ඉඩමේ මෙවර මහ කන්නයේ වී වගා කර සාර්ථක අස්වැන්නක් ලබාගෙන තිබේ.

ගුරු දෙමාපිය දරු කැළ මඩ කුඹුරට බැස්සා නාඩු කිලෝ 2000ක්ම ගොඩට අරන් ආවා

වසර ගණනාවක් පුරන් වී තිබූ මෙම කුඹුරු ඉඩම විදුහලට 2021 වර්ෂයේ පැමිණි නව විදුහල්පති එස්. ගාමිණී සෝමරත්න මහතාගේ නිරීක්ෂණයට ලක් වී ඇත. පසුව පාසලේ ගුරු මණ්ඩලය හා දෙමාපියන් කැඳවා පාසල් සංවර්ධන සමිතියේ ශ්‍රම හා මුල්‍ය දායකත්වය ඇතිව පාසල් පාදක ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කර තිබේ.

දරුවන්ගේ දැනුම, ආකල්ප, කුසලතා මෙන්ම ජීවන නිපුණතා සංවර්ධනය කිරීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම හා පාසල් සංවර්ධන සමීති ගිණුමට අමතර මූල්‍ය ප්‍රතිපාදන රැස්කර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

ගුරු දෙමාපිය දරු කැළ මඩ කුඹුරට බැස්සා නාඩු කිලෝ 2000ක්ම ගොඩට අරන් ආවා

වී වගාවේ සී සෑමේ සිට අස්වනු නෙලීම දක්වා සියලු‍ අවස්ථාවන් පියවරෙන් පියවර පාසලේ දූ දරුවන් හට නිරීක්ෂණය කිරීමට යොමුකර එහි අත්දැකීම් අත්විඳින්නට සැලැස්වීම විදුහල්පතිවරයා හා ගුරුභවතුන් විසින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට පරිභාහිරව සිදු කරන ලදී.

ගුරු දෙමාපිය දරු කැළ මඩ කුඹුරට බැස්සා නාඩු කිලෝ 2000ක්ම ගොඩට අරන් ආවා

මේ අනුව නාඩු වී කිලෝ 2000ක් පමණ අස්වැන්න ලෙස ලැබී ඇත. ගබඩා පහසුකම් නොමැතිකමින් රුපියල් 80 බැගින් මුදලකට විකුණා එම මුදල් පාසල් සංවර්ධන සමිති ගිණුමට බැර කිරීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව කාබනික පොහොර භාවිතයෙන් වගා කළ දේශීය වී ප්‍රභේදයක් වන මඩතවාලු‍ වී අස්වැන්නේ වී මිටි 13ක් පමණ ලැබී ඇත. ඒවා මේ වනවිට ගමේ පන්සලේ ගබඩා කර ඇත. ඉදිරියේ දී ඒවා සහල් කර පාසලේ දරුවන්ගේ පෝෂණ වැඩසටහන් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කර තිබේ.
තිරප්පනේ සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment