2022 නොවැම්බර් මස 24 වැනිදා ගුරු ග්‍රහයා සිය වක්‍රය අත්හරිනු ලැබුවා. එනම් නිවෘත වුණි. ගුරු යනු ග්‍රහ ලොව මහා අමාත්‍යවරයායි. තම පාණ්ඩිත්වය පෙන්වන ග්‍රහයායි. ග්‍රහලොව සිටින මහතම ග්‍රහයා වන්නේද ගුරුයි. ගුරු වක්‍රව ගමන් කිරීම දෝෂ සහිත වන අතර නිවෘත වීම යහපත් වේ. බොහෝ දේවල් පුළුල් කිරීම ගුරුගේ සොබාවයයි. ගුරු සිටින්නේද මීන රාශියේයි. තමාගේ බලය පතුරුවා හරින රාශියේයි. එසේ නිවෘත වූ ගුරු තම ස්වක්ෂේත්ර රාශිය හරහා මේෂ රාශිය තෙක් අඛණ්ඩව ගමනක යෙදේ.
මහ ඇමැතිවරයා නියෝජිත ගුරු එසේ තම බල අධිකාරී රාශියේ ගමන් කිරීම තුළින් ඉදිරි දින 45 තුළ අමාත්‍ය මණ්ඩලයේ පුළුල්වීමත්, වැඩිවීමත් පෙන්නුම් කෙරේ. මේෂ, සිංහ, මකර ලග්න හිමි මන්ත්‍රීවරුන්ට තරමක් අපල උපද්‍රව උදාකරන අතර සෙසු ලග්න හිමි මන්ත්‍රීවරුන් හට සහන හිමිවනු ඇත.
අධ්‍යාපන ක්ෂේත්රයේ, පරිපාලන ක්ෂේත්රයේ වැඩිවීමක් පෙන්නුම් කෙරේ. එනම් පරිපාලන ලේකම්ධුර, අමාත්‍යාංශ ලේකම්ධුර වෙනස් වීමක් හා වැඩිවීමක් සිදුවන බව පෙනේ. තවද රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයේ යම් වෙනසක් අපේක්ෂා කළ හැකි කාලයකි. ගුරු මීන රාශිය තුළ ගමන් කරන කාලය තුළ රටේ යහපත් නාමය ලෝකය පුරා පැතිරෙනු ඇත. රට තුළ එකවර විශාල රාජ්‍ය තාන්ත්‍රිකයන්, විදේශ නායකයන්, විදේශ පිරිස් රැස්වන උත්සවයක් පැවැත්වෙනු ඇත.
ජාත්‍යන්තර සබඳතා ජාලය වර්ධනය වෙයි. ගුරු සිටින්නේ කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 02 වැන්නේයි. දෙවැන්න හා එකොලොස්වැන්න අධිපති ස්වක්ෂේත්ර නිවෘත වීම සුබවාදී තත්ත්වයකි. කෙසේ වෙතත් විශාල පුළුල්, දැවැන්ත ජාලගත ආයතන අලෙවි කිරීම නොවැළැක්විය හැකි ආයතන කිහිපයක සභාපති ධුරද වෙනස් වනු ඇත. මේෂ, සිංහ, තුලා, මකර ලග්න හිමි අය තම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ඉතා ප්‍රවේශම් විය යුතු කාලයකි. කෙසේ වෙතත් අටවිසි බෝධි කුටි පිරිසිදු කිරීම, අටවිසි බෝධි පූජා පැවැත්වීම, අටපිරිකර පූජා කිරීම, අටමහා කුසල් කිරීම, වයෝවෘද්ධ හිමිනමකට ඇප උපස්ථාන කිරීම ආදී තුළින් දෝෂ හරණය කරගත හැක.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353