ගුරු ප‍්‍රශ්නය අද නිමාකර ගන්නවා- ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්

153

කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අනාගත වැඩපිළිවෙළ සාකච්ඡුා කිරීමට අද (27දා) උදේ ගුරු වෘත්තීය සමිති හමුවන බවත්, එහිදී මෙම ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමට හැකිවෙතැයි විශ්වාස කරන බවත් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේදී ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවැසූ ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප‍්‍රශ්නය විසඳීමට රජය උපරිම උත්සාහයක් දරනවා. මෙය අද ඊයේ ඇතිවූ ප‍්‍රශ්නයක් නොවෙයි. අවුරුදු 24 මේ ප‍්‍රශ්නය තියෙනවා. මේ ප‍්‍රශ්නය පැන නැගුණේ බී. සී පෙරේරා වාර්තාවෙන්. මේ කාරණය පිළිබඳව අපේ රජය සංවේදීව සිටියා. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ මේ පිළිබඳව සෘජුව සඳහන් කර තිබෙනවා. මේ ප‍්‍රශ්නය විසඳීමට ප‍්‍රමුඛත්වයක් දිය යුතුයි කියා.

ජනාධිපතිවරයා 2019 බලයට පත්වීමෙන් පසු සති පහක් ඇතුළත එදා සිටි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ ප‍්‍රශ්නය විසඳීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා. මම අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් පසු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කළා මේ ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට. සෑම පැත්තක්ම ගැඹුරින් අධ්‍යනය කර එම වාර්තාව සකස් කළේ.

මේ සම්බන්ධයෙන් මා ගුරු වෘත්තීය සංගම් සමගද සාකච්ඡුා කළා. අද (26) රැස්වන කැබිනට් මණ්ඩලයේදී අදාළ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කෙරෙනවා. ඒ තුළින් මෙම ප‍්‍රශ්නයට යම් විසඳුමක් ලබාගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තු වෙනවා. කැබිනට් පත‍්‍රිකාවේ අන්තර්ගතය පිළිබඳව දැනට කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකියි. කැබිනට් රැුස්වීමෙන් පසුව ඒ පිළිබඳව කිව හැකියි.

මේ ප‍්‍රශ්නය විසඳීමට රජයේ උපරිම කැපවීමක් තිබෙනවා. ඒ නිසා ගුරු භවතුන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අපේ දරුවන් පීඩනයකට පත් නොකර මාර්ගගත අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙනයන්න කියලා. ගුරුවරුන් සඳහා දෙවන මාත‍්‍රාවත් අගෝස්තු මාසයේ අවසානයට පෙර ලබා දී සැප්තැම්බර් මස මුල් සතියේ යම් සැලැස්මක් අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට යටත්ව පියවරෙන් පියවර පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.

ගුරුවරුන් ඇතුළු අනධ්‍යයන කාර්යමණ්ඩලවලට ලබාදෙන එන්නත් වැඩපිළිවෙළ සාර්ථකව සිදුකෙරෙනවා. ඊයේ උදෑසන වනවිට බස්නාහිර පළාතේ සියයට 98 ක්ද, දකුණු පළාතේ සියයට 83 ක්ද, වයඹ හා උතුරු මැද පළාත්වල සියයට 82 ක්, ඌව පළාතේ සියයට 80ක්, මධ්‍යම සියයට 79 ක්, උතුර සියයට 62 ක්, සබරගමුව 52, නැගෙනහිර සියයට 48 ක් වශයෙන් එන්නත් ලබාගෙන තිබෙනවා. සමස්තයක් වශයෙන් සියයට 77 ක් සම්පූර්ණ කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ සඳහා ප‍්‍රමුඛත්වය ලබාදුන්නා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා.

එදා 2009 වසරේදී මේ රටේ තිස් අවුරුද්දක් පැවැති යුද්දය ආරක්ෂක අංශ විසින් අවසන් කිරීමට කටයුතු කරන වෙලාවේ රටපුරා උද්ඝෝෂණ රැුල්ලක් හා වැඩ වර්ජන රැුල්ලක් ඇති කිරීමට විපක්ෂයේ සමහර උදවිය උත්සාහ

දැරැුවා. එදා ඒ යුද ජයග‍්‍රහණය වැළැක්වීමට උත්සාහ කළ පිරිස්ම අද ඒ තිස් අවුරුදු යුද්ධයට වඩා භයානක ගෝලීය වසංගතයකට මුහුණ දෙන අවස්ථාවේ රටේ උද්ඝෝෂණ හා වැඩ වර්ජන රැුල්ලක් ඇති කිරීමට උත්සාහ කරනවා. යටි අරමුණු සහිතව ක‍්‍රියාත්මක වන මේ ක‍්‍රියාදාමයෙන් වැළකී රට වෙනුවෙන් තීරණ ගන්න කියන ගෞරවනීය ඉල්ලීම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරයා හමුවීමට අයිතිය තිබෙනවා. ඒ පක්ෂයට පමණක් නොව එජාපයට වුණත් රටේ නායකයා හමුවීමේ අයිතිය තිබෙනවා. ඒ අනුව එම හමුවීමේ වරදක් අප දකින්නේ නැහැ. ශ‍්‍රී ලනිපයේ බහුතරයක් රජය සමග සිටිනවා. ඒ පිළිබඳව අප සතුටු වෙනවා. සියලූ කරුණු සුබවාදීව විසඳාගෙන ඉදිරියට යයි කියා විශ්වාස කරනවා.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment