ගුරු මණ්ඩලයේ කතිරයක් ඇත්නම් වාසනාවන්ත විවාහයක්

903

සාමුද්‍රිකා ශාස්ත‍්‍රය අනුව අත්ලේ සුවිශේෂ ස්ථාන හතක් මණ්ඩල වශයෙන් හඳුන්වනු ලබයි. මෙහිදී රවි, චන්‍ද්‍ර, බුධ, ගුරු, ශුක‍්‍ර, ශනි යන ග‍්‍රහයන් හයදෙනාට මණ්ඩල හයක් ද, කුජ ග‍්‍රහයාට මණ්ඩල දෙකක් ද වශයෙන් හිමිකර දී ඇත. එයට අමතරව අල්ලේ මැද පිහිටි ප‍්‍රදේශය කුජ ග‍්‍රහයාට අයිති වන බැවින් එය කුජ තලාව වශයෙන් ද හඳුන්වයි. ගුරු පීතෘවරයා ලෙස පෙනී සිටින බැවින් ගුරු මණ්ඩලය ප‍්‍රධාන කොට සැලකේ.

 රූප සටහනින් දක්වා ඇති පරිදි දබරැුගිල්ලට කෙලින්ම පහළ සිට ජීවන රේඛාවට මදක් ඉහළින් ඇති ප‍්‍රදේශය ගුරු මණ්ඩලයට අයත් වෙයි. කෙනෙකුගේ ගාම්භීරත්වයේ පදනම බ‍්‍රහස්පති මණ්ඩලය හෙවත් ගුරු මණ්ඩලයයි. නායකත්වය, අධ්‍යාපනය, දියුණුව බල තණ්හාව ආදී ගුණාංග ද මෙයින් පෙන්නුම් කරයි. ඕනෑම ක්‍ෂේත‍්‍රයක නායකත්වය දරන්නේ ගුරුය. මේ නිසා ගුරු මණ්ඩලය ප‍්‍රධාන වෙයි.

 බ‍්‍රහස්පති හෙවත් ගුරු ග‍්‍රහයාගෙන් නිකුත්වෙන කිරණ ශක්තීන් රැුස් කෙරෙන ගබඩාවක් වශයෙන් ගුරු මණ්ඩලය හඳුන්වාදිය හැක. ගුරු මණ්ඩලය මනාව උස් ගොඩැලි ආකාරව පිහිටියේ නම් එම අයට ගුරු ග‍්‍රහයාගෙන් සුබපල අධිකව ලැබෙයි. මනා ලෙස වැඩුනු දේහයක් හිමි ඔවුන් යුක්ති ගරුක, කාරුණික සත්‍යවාදී අය වෙති. එමෙන්ම ගුරු මණ්ඩලය පහත්ව, පැතලි ආකාරව පිහිටීම, නොදියුණුව හෙවත් ගුරුගේ බලපෑම් අඩුවීමට හේතුවක් වෙයි. මෙම මණ්ඩලයට ලම්භාකාරව හෙවත් සිරස් අතට රේඛාවක් වැටී ඇත්නම් ගුරුගෙන් ලැබෙන බලය වඩා හොඳින් පෙන්නුම් කෙරේ. ගුරු මණ්ඩලයේ උස් මස්පිඬු උපතින්ම පිහිටා ඇති නමුත් කෙනෙකුගේ කැපවීම හා උත්සාහයන් අනුව මෙම ස්ථානය උස්ව හෝ පහත්ව පිහිටයි. මෙම මණ්ඩලය කුඩාවීම හෝ ලම්භාකාරව හෙවත් සිරස් අතට රේඛාවක් හෝ නොමැති නම් එම අය දියුණුවීමට උනන්දුවක් නොදක්වන, ඔවුනට කොයිම අවස්ථාවකවත් මූලිකත්වයක් ලබා ගැනීමට ද නොහැක. ඒ අනුව ඔබට ඔබේ අත බලා ගුරු මණ්ඩලයේ ප‍්‍රබලතාව හෝ දුබලතාව හඳුනාගත හැකි වනු ඇත.

 යමෙකුගේ අතේ ප‍්‍රබල ගුරු මණ්ඩලයක් පවතින්නේ නම් ඔහු හෝ ඇය කාරුණික බවින් යුතු අන් අය කෙරෙහි මෛත‍්‍රිය දක්වන ආත්ම අභිමානයෙන් යුතුව කටයුතු කරන තේජාන්විත අන් අයගේ ගෞරවය, ප‍්‍රශංසාව ලබන අයෙකු වෙයි. මනා දේහයකින් යුතු ඔවුන් යුක්තිගරුක, සුචරිත භාවයෙන් ද යුතුය. බොහෝ ශිල්ප ශාස්ත‍්‍රයෙහි දක්‍ෂ, තීක්‍ෂණ බුද්ධියක් ඇති ඔවුන් වාස්තු විiාව, ජ්‍යොතිෂය වැනි විවිධාකාර ශාස්ත‍්‍ර කෙරෙහි ද ලැදියාවක් දක්වති. විශේෂයෙන් ගුරු වෘත්තිය වැනි රජයේ රැුකියා ඔවුනට බොහෝ විට ගැලපේ. තම අභිලාෂයන් කෙසේ හෝ ඉටු කර ගැනීමට උනන්දුවන ඔවුහු ඒ හැම උත්සාහයකින්ම ජයග‍්‍රහණ ලබයි. ගුරු මණ්ඩලයෙන් ඉහළටම නැගුණ රේඛා පිහිටියේ නම් උපතින්ම ධනවතෙකු බව පෙන්නුම් කරයි. කවාකාර රේඛාවක් පිහිටීම ධාර්මිකයකු බව ප‍්‍රකට කරන අතර, ත‍්‍රිශූල ලක්‍ෂණයක් පිහිටීමෙන් ධනයෙන්, බලයෙන්, මෙන්ම ඥානයෙන් ද පරිපූර්ණ වියතෙකු බව පෙන්නුම් කෙරේ. මෙම ස්ථානයේ කොටුවක සලකුණක් තිබේ නම් හොඳ නායකයකු ලෙස බැබලෙන අතර, කුඩා ත‍්‍රිකෝණයක සටහනක් ඇත්නම් තියුණු දේශපාලන ඥානයක් ඇති අයෙකු බව ප‍්‍රකටය. ගුරු මණ්ඩලයේ දැලක සලකුණ හා කළු තිතක සලකුණක් තිබීම සුබදායක නොවේ. දැලක සලකුණ චරිතයේ ¥ෂිත බව ද, තිතක සලකුණ තත්ත්වයෙන් පහත වැටීමක් ද පෙන්නුම් කෙරේ.

 ඔබේ අත්ලෙහි පිහිටි ගුරු මණ්ඩලය මත ඉතා පැහැදිලි පුංචි කතිරයක් පිහිටා ඇත්නම් ඔබ සැබෑම වාසනාවන්තයෙකි. ආදරවන්තයින්ගේ කතිරය හෙවත් වැලන්ටයින් කතිරය නමින් මෙය බොහෝ දෙනකු හඳුන්වයි. මෙම කතිර සලකුණ වෙනත් බාධක රේඛාවලින් තොරව පැහැදිලිව තිබීම වඩාත්ම සුබපල ගෙනදෙයි. ඔබේ අත්ලේ මෙම කතිර සලකුණ පිහිටා ඇත්නම් ඔබට උගත්, ධනවත් දේපොළ සම්පත් ඇති ආදරණීය පෙම්වතියක හෝ පෙම්වතකු ලැබීම නිසැකය. අත්දෙකේම මෙම සලකුණ ඒ ආකාරයෙන් ම පිහිටියේ නම් එම සුබපල අනිවාර්යයෙන් ම සාර්ථක වන බව සාමුද්‍රික ශාස්ත‍්‍රයේ සඳහන් වෙයි. එය පසු කලෙක මැකී ගියහොත් යුග දිවියේ සතුට, සැනසුම පලූදුවීමට ද එය හේතුවක් විය හැක.

 ගුරු මණ්ඩලය පැහැදිලිව පහතට එබුණු ස්වභාවයක් හෝ විසිරී ගිය ස්වභාවයෙන් යුතුව පිහිටියේ නම් එය දුබල ගුරු මණ්ඩලයක් ලෙස සලකනු ලබයි. එසේ වූ විට පාසල් දරුවකුගේ නම් අධ්‍යාපනයද අතරමඟ කඩාකප්පල් වෙයි. එමෙන්ම ඔවුන් අනුන් පහත්කොට සලකන්නා වූද, ආත්මාර්ථකාමී ගතිගුණවලින් ද පිරුන අයෙකු වෙයි. අසීමිත බලාපොරොත්තු සිහින මවා ඒවා බිඳ වැටෙද්දී කලකිරීමට පත්වන්නකු වේ. තමා දත් ශිල්ප ශාස්ත‍්‍රවලින් ද ප‍්‍රතිඵලයක් නොලබනු ඇත.

 හිඹුටානේ  – පියතිලක ද අල්විස්
 158 හිඹුටාන, මුල්ලේරියාව, නව නගරය
 දු.අං. 0716212020, 0112419574

advertistmentadvertistment
advertistmentadvertistment