ගුරු වැටුප් ගැටළුවලට වලට අගමැතිගෙන් විසඳුම්

418

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප‍්‍රකාශ කළේය.
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති මේ වනවිට දින 93ක් පුරා මෙම අරගලයේ නිරතව සිටිති.
අදාළ ගැටලූ‍වට විසඳුම් ලබා දීමට මැදිහත් වූ අග‍්‍රාමාත්‍යතවරයා ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් අරලියගහ මන්දිරයට කැඳවා මෙම විසඳුම් යෝජනාව ඉදිරිපත් කළේය.
ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමටත් යෝජිත වැටුප පළමු අදියරයට 2022 වර්ෂයේ අය-වැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය මගින් එම වසරේ දී ද ලබාදීමටත් මෙහි දී අග‍්‍රාමාත්‍යවරයා යෝජනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment