ගුරු විදුහල්පති උද්ඝෝෂණයේදී පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් ගුරු සංගම් සභාපතිගේ ඉලඇට බිඳිලාලු

1

ගුරු විදුහල්පතිවරුන්ගේ කොළඹ පැවති උද්ඝෝෂණයට පෙරේදා (26 දා) පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලැබු ගුරුවරුන් අතර ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාත් සිටින අතර තුවාල ලැබූ සභාපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සභාපති වරයාගෙන් මේ පිළිබඳව ඊයේ උදේ (27 දා) විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

අපේ උද්ඝෝෂණයට පොලිසිය අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කළා. අපි කවුරුවත් කඩු පොලු අරගෙන උද්ඝෝෂණයට ගියේ නෑ. නමුත් රජයේ පොලිස් හමුදාව ඉවක් බවක් නොමැතිව කළ ම්ලේච්ඡ ප්‍රහාරය නිසා මගේ ඉළ ඇටයකට හානි වෙලා.

පපුව ආසන්නයේ මෙම ඉළඇටය බිඳී ගොස් තිබෙනවා. දැන් වෛද්‍යවරුන් ප්‍රතිකාර කරමින් සිටිනවා.

මෙම පොලිස් ප්‍රහාරයට එරෙහිව අපි ඊයේ (27 දා) ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයක් සාර්ථකව සිදු වෙනවා. මෙම වර්ජනය තාවකාලිකව අදින් අවසන් කරනවා. හෙට සිට ගුරු විදුහල්පතිවරු පාසල්වලට යනවා.

අනිද්දා දිනයේ ඒකාබද්ධ ගුරු විදුහල්පති සංගමය රැස්වී ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි තීරණය කරනවා යැයි සභාපති වරයා වැඩිදුරටත් පැවසීය.

නොචිචියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment