ගුරු විදුහල්පති සංගම් කාටවත් බලපෑම් කර නෑ – ජෝෂප් ස්ටාර්ලිං

241

කිසිම ගුරුවරයකුට මේ වන තෙක් ගුරු විදුහල්පති සංගම් බලපෑම් කරලා නැහැ. ඔය කියන කතාව පට්ටපල් බොරුවක් යැයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවැසීය.

එලෙස බලපෑම් තර්ජන එල්ලවූ ගුරුවරුන් කවුදැයි පවසන ලෙසද හෙතෙම ශී‍්‍ර ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා මෙසේද කියා සිටියේය.

ඔය සංගමය තනිකරම කරන්නේ ආණ්ඩුවට කඬේ යන එක විතරයි. ගුරුවරුන්ට බලපෑම් තර්ජනය කළා කියලා මේ සංගමය සරත් වීරසේකර ඇමැතිවරයාට පැමිණිලි කරලා තියෙනවා. ඇමැතිවරයා මේක දේශපාලන ව්‍යාපාරයක් කරගෙන පොලිසිය හරහා ගුරු විදුහල්පති සංගම්වලට බලපෑම් කරනවා.

මේ ගැටලූවලට විසඳුම් නොදී ආණ්ඩුව පොලිසිය ලවා ගුරු විදුහල්පති සංගම් මර්දනය කරන්න හදනවානම් ඉදිරියේදී මීට වඩා වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට එළඹෙන්න සිදුවේවි.

අපි දරුවන්ගෙන් පළිගන්නවා නෙවෙයි. අපේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොදී කල්මරන්නේ ආණ්ඩුව. ඒ නිසා දරුවන්ට වෙලා තියෙන මේ අසාධාරණයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන මේ ආණ්ඩුව. දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වෙලා අදට (21 දා) දින 69 ක්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment